රාජකීය වන අරණ

udawatta kele14

අපි ගොඩාක් දෙනෙක් නුවර යන්නේ මාළිගාව වඳින්නයි ,මල්වත්ත බලන්නයි විතරයි. ඒත් නුවර ගිහිං බලන්න තව කොයි තරම් දේවල් තියෙනවා ද ? එහෙම ඉසව්වක් ගැන තමයි මේ කියන්න යන්නේ. මේක තියෙන්නේ මහනුවර නගරාසන්නයේමයි.

ශ්‍රි දළදා මාළිගාවට පිටිපස්සෙ තියෙන උඩවත්ත කැලේ ගැන තමයි මේ කියන්න හදන්නේ. මේ කැලේ අක්කර 275ක් විශාලයි.උඩවත්ත කැලේ රාජකීය වනෝද්‍යානය කියලා තමයි හඳුන්වන්නේ. මොකද අතීතයේ මහනුවර රාජධානියේ රජකම් කළ රජවරු මේ කැලේ තමයි විවේක සුවයෙන් හිටියා කියලා කියන්නේ.ඒ වගේම දළදා මාළිගයේ අලි ඇතුන්ට අවශය ආහාර සම්පාදන කලෙත් මේ කැලෙන් කියලා තමයි කියන්නේ. ඒ අතරේ තව තව කථා ගොඩාක් තියෙනවා ගම්පොළ රජ කරපු සේනාසම්මත වික්‍රමබාහු රජතුමා මේ කැලේ මාළිගයක් හදාගෙන හිටියා කියලා කියනවා. ඒ කාලේ මේ මාළිඟය හඳුන්වලා තියෙන්නේ “උඩ වාසල” කියලා.

udawatta kele15udawatta kele13

 

 

මේ අතරේ කුරුණෑගල රජකම් කරපු පණ්ඩිත පරාක්‍රමබාහු රජතුමා මේ කැලේ ජනාවාසයක් කරා කියලා කියවෙනවා. මේ විදිහට කාලෙන් කාලෙට එක එක විපර්යාසයන්ට ලක්වුන උඩවත්ත කැලේ 1940 කොස් සහ මහෝගනී ගස් හිටවලා මේ කැලේ මේ තත්වයට පත් කරලා තියෙන්නේ වන සංරක්ෂක දෙපාර්තමේන්තුව විසින්.

සුන්දර වණ අරණක සිහිලස හරිම පහසුවෙන් විඳින්න පුළුවන් තැනක් තමයි මේ. මොකද වෙන වනාන්තරයන් හොයාගෙන යන්වා නම් සෑහෙන දුරක් යන්න වෙනවා. ඒත් මහනුවර නගරය මැද තියෙන මේ සුන්දර වනාන්නතරයේ දකින්න විඳින්න බොහෝ දේවල් තියෙනවා. කැලේ මැදින් ඇවිදලා යන්න පාර සකස් කරලා තියෙන්නේ. ඒ පාර දිගේ ඇවිදගෙන යනකොට විවිධ ස්ථාන ගැන දැන්වීම් පුවරු සවිකරලා තියෙනවා. ඉපැරණි පුස්වැලක් අදටත් සංරක්ෂණය වෙලා තියෙන හැටි, තව භාවනා කරන්න පුළුවන් ගල් ගුහා ,ඒ වගේම මුළු මහනුවර නගරයම හොඳින් පේන කොඩිමලේ කියන නැරඹුම් ස්ථානය, සහ මේ උද්‍යානය තුළ තියෙන වැව නිසා බලන්න තරම් වටින සුන්දරත්වයක් මේ  උඩවත්ත කැලේ තියෙනවා. ඉස්සර නම් ගැරිසන් නැමති සුද්දාගේ සොහොනට මේ කැලෙන් යන්න පුළුවන් ඒත් දැන් ඒකට යන්න බෑ. එතනින් බැම්මක් බැඳලා වෙන් කරලා තියෙන්නේ.

 

 

උඩවත්ත කැලේ වනෝද්‍යානය ජෛව විවිධත්වය අතින් ඉතා ඉහළ වැදගත්කමකින් යුත් පරිසර පද්ධතියකි. මෙම වනයේ ප්‍රමුඛ හා ද්විතීයික ශාක වියන් දෙකක්‌ හා යටි ස්‌ථරයක්‌ දක්‌නට ලැබේ. ප්‍රමුඛ හා ද්විතීයික වියන් ඉතා සීමිතය. මේ නිසා බොහෝ ස්‌ථානවල යටි ස්‌ථරයක්‌ දක්‌නට නොලැබෙන තරම්ය. උඩවත්ත කැලය තුළ ශාක විශේෂ 405 ට වැඩි සංඛ්‍යාවක තුරු ලතාවන් ඇතුළු පැළෑටි වර්ග විශාල ප්‍රමාණයක්‌ දක්‌නට ලැබේ. වල්දෙල්, පිහිඹිය, මහෝගනී, කොස්‌, කිතුල්, මී, නා, මදටිය, වන සපු, සපු, දූරියන්, කුරුඳු, මොර, නුග, යනාදී තුරුලතා මෙම වනයේ ප්‍රමුඛව දක්‌නට ලැබෙනවා.

දේශීය, ඒක දේශීය, වඳ වීමේ තර්ජනයට ලත් සුලභ, දුර්ලභ යන කාණ්‌ඩයන්ගෙන් යුත් පක්‍ෂි විශේෂ 81 ක්‌ උඩවත්ත කැලේ වන පියස තුළින් වාර්තා වේ. ලංකා රත්නළල් කොට්‌ටෝරුවා, අළු කොබෙයියා, නීල කොබෙයියා, කොණ්‌ඩ උකුස්‌සා, සර්ප උකුස්‌සා, සැළලිහිණියා, රන් පිළිහුඩුවා, කහ කුරුල්ලා, ලංකා ගිරා මලිත්තා, අළු ගිරවා, අඳුරු නිල් මැසිමාරා යනාදි කුරුලු විශේෂත් වල් ඌරා, හඳුන් දිවියා, ඕලු මුවා, මී මින්නා, උණහපුළුවා, ඉත්තෑවා, දඬුලේනා, මාවවුලා, හෝතඹුවා, හාවා වැනි ක්‍ෂීරපායින්ද, පිඹුරා, නාගයා, මූදු කරවලා, පොළොන් තෙළිස්‌සා, පලා පොළඟා, රන්වන් මාපිලා, ගැරඬියා, ඇහැටුල්ලා, අළුරදනකයා, කටකළුවා, හාල් දණ්‌ඩා යනාදී සර්ප විශේෂ 21 ක්‌ පමණ හඳුනාගෙන ඇත. පලා කටුස්‌සා, ගරා කටුස්‌සා, පිනුම් කටුස්‌සා, ගැටහොඹු කටුස්‌සා (ඛහරසදජැචය්කමි Sජමඒඑමි)ල යනාදි කටුසු විශේෂත්, සුලභ සිකනලා හා මහා කැලේ හූනා, පුල්ලිගේ හූනා, සුලභ ගේ හූනා, කඳුකර දිවාසරි හූනාද, සුලභ ගේ මැඩියා, සුලභ පිහිම්බු ගස්‌ ගෙම්බා, දුඹුරු මොට හොඹු මැඩියා (Raප්බැකක්‌ දඉsජමර්) මහනුවර පඳුරු මැඩියා, ගන්නෝරුව පඳුරු මැඩියා, යනාදි උභය ජීවීන්ගෙන්ද සමන්විත උඩවත්ත කැලේ වනෝද්‍යානයේ ජල පොකුණෙහි මත්ස්‍යයන් ඇතුළු කිරි ඉබ්බා හා ගල් ඉබ්බා ද දක්‌නට ලැබේ. උඩවත්ත කැලේ වනෝද්‍යානයෙ සමනල විශේෂ 75 ක්‌ පමණ වාර්තා වෙනවා.

 

 

udawatta kele08udawatta kele06

udawatta kele07

කොහොම වුනත් උඩවත්ත කැලේ කියන්නේ මහනුවර ගමනකදි අමතක කරන්නම හොඳ නැති තැනක්. දළදා මාලිගාව පහු කරලා ඇවිදින දුරකින් මේ කැලේ පිහිටලා තියෙන්නේ. දළදා මාළිගාවේ ඉඳලා ට්‍රිනිටි විද්‍යාලය පැත්තට ඇවිදගෙන ගිහිං මේ කැලෙට යන්න පුළුවන් .ඒ නිසා තවදුරටත් මඟහැරිය යුතු ගමනක් නෙවෙයි මේක. මොකද ඒ තියෙන සුන්දරත්වය විඳින්න ගිහිල්ලම බලන්න ඕන.මේ කැලේ ඉරිදා පෝය හැම දවසකම විවෘතයි.ඇතුළට යන්න රුපියල් 30 ක ටිකට් එකක් ගන්න ඕන.උදේ 6 ඉඳලා හැන්දෑවේ 6 වෙනකල් විවෘතයි. අවුරුදු දවසේ තමයි මේ කැලේ වහලා තියෙන එකම දවස. ඒ නිසා කොහේ හරි යන එන ගමන් හරි ගොඩවෙලා බලන්න හොඳ අත්දැකීමක් වෙයි.

udawatta kele03

 

 

 

 

 
udawatta kele04

උඩවත්ත කැලේ ආශ්‍රිතව වෙසෙන පෘෂ්ඨවංශීන් විශාල විවිධත්වයක්‌ දැකිය හැකිය. උඩවත්ත කැලේ වනපෙත තුළට ඇතුළු වන කවර අයෙකු වුවද අතොරක්‌ නොමැතිව නැගෙන මැඩියන්ගේ නාදයෙන්ද, ශාක පත්‍රවල පැහැයට සමාන වර්ණයන් ගත්තාවූද එම ශාක අතර සැඟවීගත් කටුස්‌සන්ගේ දර්ශනයෙන්ද ශාක අතු පතර සිට මිහිරි නදින් ගී ගයන සියොතුන්ගේ දසුනින්ද  දකග්නට පුළුවන්.

ඓතිහාසික වටිනාකමකින් මෙන්ම ජෛව විවිධාත්මක වටිනාකමකින් යුත් උඩවත්ත කැලේ වනෝද්‍යානය දෙස්‌ විදෙස්‌ සංචාරකයන්ගේ නොමඳ අවධානය දිනාගත්තකි. උඩවත්ත කැලේ වනෝද්‍යානය එදා පටන් අදටත් සුරැකිව, පරිසර දූෂණයෙන් තොරව තිබීමට හේතුව වී ඇත්තේ උඩවත්ත කැලේ වනෝද්‍යානයට යාබදව දිසා වන අඩවි කාර්යාලය පිහිටා තිබීමත් උඩවත්ත කැලේ මනා කළමනාකාරිත්වයකින් යුක්‌ත වීමත් නිසාය.

udawatta kele10

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.