නයිජීරියාවේ පැහැරගත් ඉංජිනේරුවා හොයන මෙහෙයුම දියත් වේ

DSCN02571

 

 

නයිජීරියානු කප්පම් කල්ලියක් මගින් පැහැරගෙන ගොස් ඇති ශ්‍රී ලාංකික ඉංජිනේරුවරයෙක් වූ ජේ ඒ කරුණාදාස මහතා බේරා ගැනීම සදහා තමා ඇතුළු තම  කාර්යමණ්ඩලය උපරිම උත්සහයක් ගනිමින් සිටින බව නයිජීරියාවේ ශ්‍රී ලංකා තානාපති ඒ එල් රත්නපාල මහතා පවසයි..

ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ  ‘‘ඇත්තෙන්ම ඔහු සේවය කරපු ඉතාලි සමාගමත් ඔහු බේරා ගැනීම සදහා  උපරිම උත්සහයක් ගනිමින් ඉන්නවා. ලාංකිකයෙක් මේ විදියට නයිජීරියාවේදී පැහැරගත්තේ පලවෙනි වතාවට. මෙයට ප්‍රථම ඉන්දියා පිලිපීනය වගේ රටවල අය පැහැරගෙන ගොස් තිබෙනවා. ඇතැම් අයව මරා දැම්මා. වැඩි පඩි නිසා උගත් අය මෙහෙ රැකියා වලට එනවා. ඒ වගේම කප්පන් කරුවන්ගේ  අවදානමත් තියෙනවා. විදේශ  සමාගම් තමන්ගේ විදෙස් සේවකයන්ට ඉන්න නිවාස ව්‍යාපෘති ඇති කරලා ඒවාට පොලිස් ආරක්ෂාවත් ලබා දීලා තියෙනවා. අපේ කෙනාට පොලිස් ආරක්ෂාවකුත් තිබුනා. නමුත් පොලිස් නිලදාරියා ඝාතනය කරලයි ඔහුව පැහැරගෙන ගියේ. අපි ලෝක මාධ්‍ය තුලින් අපේ කෙනාව පැහැරගැනීම පිළිබඳව ලොකු ප්‍රචාරයක්  දුන්නේ මේක සුළු දෙයක් නොවන වග කප්පම් කරුවන්ට අගවන්නයි. බලමු සුබ දෙයක් අපිට අහන්න ලැබේවි‘‘ යනුවෙනි

ඉංජිනේරුවෙක්

Nigeria-Pos

රුපියල් කෝටි පනහක කප්පම් ඉල්ලා නයිජීරියාවේදි පැහැරගෙන ගොස්  ඇත්තේ වේයන්ගොඩ මොට්ටුවත්තේ පදිංචි ඩී.ඒ.කරුණාදාස (68) නැමැති  ඉංජිනේරුවරයෙකි.

වසර තිස් පහකට  පමණ පෙර  ඉතාලි  ඉදිකිරිම්  සමාගමක ඉංජිනේරුවරයෙකු  වශයෙන්  නයිජිරියාවේ සේවයට ගිය ඔහු  එක්  දරු පියෙකි.

කරුණාදාස මහතාගේ (මස්සිනා) ඩබ්ලිව්.එල්.එම් චන්ද්‍රදාස (73) මහතා මෙසේ  කියයි.

කරුණාදාස මල්ලි  ඉංජිනේරුවරයෙක්. ඔහු  විවාහ වී  සිටින්නේ  මගේ  නෝනාගේ නංගි සමඟයි. මල්ලී වේයන්ගොඩ  බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලයෙන්  උසස් පෙළ සමත්වී  පේරාදෙණිය විශ්ව විද්‍යාලයයෙන් උපාධිය ලබා ගත්තට පස්සේ ලංකාවේ ස්ථාන කිහිපයකම  රැකියාව කළා.

මල්ලි එහෙ රැකියාව කරන අතරේ  දැනට  අවුරුදු  විසිපහකට පෙර මගේ නෝනාගේ නංගි  සමඟ විවාහ වුණා.

මාස හයකට වතාවක් ඔහු ලංකාවට එනවා මල්ලිගේ  නෝනයි දුවයි බලන්න. දැනට  අවුරදු  දෙකකට පෙර දුවයි එයාගේ නෝනයි  නයිජීරියාවේ සිට ලංකාවට  ආවා දුව දැන්  මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයයේ  ඉගෙන ගන්නවා.

එදා  පසුගිය 18 වැනිදා තමයි  මල්ලී ඕගී හා ඔන්ඩෝ නගර සිමාවේදී  වාහනයට  වෙඩි තියලා පැහැරගෙන ගොස්  තියෙන්නේ. මල්ලිගේ  හා  රියදුරාට වෙඩි  වැදි  බරපතල තුවාල සිදුවි  පොලිස්  නිලධාරියා මිය ගොස්  තිබෙනවා.

ලංකාවේ මුදලින් රුපියල් කෝටි පනහක කප්පමක් ඉල්ලා තමයි පැහැර ගෙන තිබෙන්නේ ඔහු නයිජිරියාවේ  වනාන්තරයක හිරකර ගෙන සිටින බව ආරංචිය.

දවසට  සැරයක්  මල්ලි එයාගේ  නෝනාට  කතා  කරනවා. කරදරයක්  නැතිව ඉන්නවා  කියලත්  කියනවා. ඉදිකිරිම්  සමාගම කෝටි  පනහක කප්පම දිලා  බේරා ගන්නා බව විශ්වාස කරන බවද මල්ලී  කියා  තිබෙනවා.

මිනිස්සුන්ව පැහැර  ගන්නවා

 

(ඔන්ඩෝ නිරිතදිග කෙලවරේ)

 

මල්ලි පසුගිය අප්‍රේල්  මාස 20 වැනිදා ලංකාවට  ආවා. ඒ  වේලාවේ  එයාගේ  දුව කිව්වා තාත්තා ආපහු  නයිජිරියාවට යන්න එපා. “එහෙ  කප්පම්  කල්ලි  මිනිස්සුන්ව පැහැර  ගන්නවා කියලා. ඒ  වෙලාවේ  මල්ලි  හිනාවුණා  විතරයි  වෙනත්  කිසිම දෙයක්  කිව්වේ  නැහැ.”

මෙයට  පෙරත්  නයිජිරියාවේ කප්පම්  කල්ලිවලින්  ඔහුට තර්ජනයක්  ඇති වි තිබුණා. නමුත් මල්ලී  ඒවා  ගණන්  ගත්තේ  නැහැ. ඉංජිනේරුවරයාගේ  බිරිඳ වන කේ.ඒ.යසවතී  (64) මහත්මිය දුරකථනයෙන් ඇය මෙසේ  කියා  සිටියාය.

මහත්තයා පැහැර  ගෙන ගිය  දවසේ  සිට දිනකට  එක පාරක්  දුරකථනයෙන්  කතා  කරනවා  එයාට  කරදරයක්  නැහැ කියලා  තමයි කියන්නේ. මහත්තයාගේ  ආරක්ෂක පොලිස්  නිලධාරියා  එහි  වෙඩි  ප්‍රහාරයෙන් මියගිය බවද එයාගෙ රියදුරා  තුවාල ලබා  රෝහල්  ගත කොට  සිටින බවත්  කිව්වා.

මගේ  දුව සෙනාලි කෑම කන්නේ  නැහැ අඬ අඬා  ඉන්නවා. මහත්තයා දැනට  මාසයකට  පෙර ලංකාවට  ආපු  වේලාවේ දුව කිව්වා  අනේ  තාත්තේ  ආයේ නයිජිරියාවේ  යන්න එපා  කියලා  නමුත්  මහත්තයා  හිනාවෙලා  ආපසු  ගියා කියා  සිටියා.

මහත්තයා සේවය කරන සමාගම මැදිහත් වී  මේ  ප්‍රශ්නය විසඳලා  මහත්තයාව නිදහස්  කර  ගැනිවි  කියලා  විශ්වාසයක්  තියනවා.

තම සැමියා  බේරා  ගැනිමට මැදිහත්  වන ලෙස විදේශ අමාත්‍යංශයෙන්  හා  ශ්‍රී ලංකා රජයෙන්  ඉල්ලා   සිටින බවද යසවති  මහත්මිය කීයන්නීය.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.