ලංකාවේ ඉන්නේ පුරවැසියෝ නොවෙයි යටත් වැසියෝ..! . ගාමිණී වියන්ගොඩ

andaberaya

puraveceස්වාධීන  සංවිධානාත්මක  පුරවැසි සමාජයක අවැසිකම අප   දීර්ගකාලයක සිට  මතු කරමින් සිටි  බව අපහා එක්ව සිටින අප සංවාදයේ යෙදුන  සියල්ලන් දන්නා කරුනකි .  ඇත්තෙන්ම අද  පුද්ගලයන් කීපදෙනෙකු විනා  ජනතාව අතර විහිදුන මුල් බැසගත් සිවිල් සමාජ ව්‍යාපාරයක් නොමැත. 1994 ගොඩනැගුන ඒ දැවැන්ත යුද විරෝධී සිවිල් සමාජ බලය  එක්තැන් කරමින් දැවැන්ත සංවිධාන ජාලයක් බවට පරිවර්තනය කීරීම වෙනුවෙන් අප කල අරගලය පරාජයට පත්විය.   එකල සිවිල් සමාජ නායකයන්  චන්ද්‍රිකාගේ ආණ්ඩුවෙන්  ලැබෙන සිල්ලර හා පුද්ගල වාසි උදෙසා පුරවැසි අරගලය අරමුන    පාවාදීම සිදුකලේය.  එහි වංදිය ලෙස  මුලු මහත්  සමාජය වෙලාගෙන  රාජ්‍ය මර්ධනය ට යටත් වීමට මුලුමහත් සමාජයටම සිදුවිය.

වසර 20කට පසුව නැවතත් රටේ එවන් තත්වයක් උදාවී ඇත. මේ ස්වාදීන පුරවැසි බලය පෙන්වීමට සංවිධානය වීමට  අපට ලැබෙන අවසාන අවස්තාවයි.

එක පැත්තකින්  මෙතෙක් කලක් මේ අණ්ඩුවේ සියලු මජරකම් සිදුකල හා  අනුමත කල  පිරිස්  මේ අවස්තාවේ ඉදිරියට පැමින යහපාලන සටන්පාටය ඔවුන් අතට ගනු ඇත.  දෙවනුව තම ව්‍යාපෘතියේ සීමාවෙන් ඔබ්බට මෙම අරගලය නොයාමට  සැරසෙන පිරිසකි  එබැවින් අප මේ මොහොතේ කලයුත්තේ  ස්වාධීන පුරවැසි පුළුල් පෙරමුනක් සදහා සංවිධානය වීමයි  ඒසදහා ක්‍රියාකිරීමයි.  අතීත පාඩම්  නැවත සිහියට ගැනීමයි.

අපගේ සියලු පාඨකයන් හා හිතමිතුරනි    දෙසැම්පර්  02වනදා හයිට් පිටියට එන්න  එහි පුරවැසි අරගලයට රොද බදින්න   වියන්ගොඩ සහෝදරයා ඒවෙනුවෙන්  කල ප්‍රකාශය පහතින්
ලංකාවේ සිටින්නේ පුරවැසියන් නොව යටත් වැසියන් බව පරිවර්තකයෙකු, තීරු ලිපි රචකයෙකු සහ විචාරකයෙකු වන ගාමිණී වියන්ගොඩ පවසයි.

යටත් වැසියා යනු තමන්ගේ අයිතිවාසිකම් මොවනද යන්න පිළිබඳව හරි හැටි නොදන්නා, එක්කෝ දැනගත්තත් ඒවා ගැන තැකීමක් නැති, පාලකයා කියන ඕනෑම දෙයක් විශ්වාසකරගෙන සිටින ජනතාව යැයිද ඔහු පැවසීය.

මහින්ද රාජපක්ෂට පසුගිය කාලයේදී අන්න එවැනි යටත්වැසි රාජ්‍යක් ඇතිකරන්නට අවශ්‍යවූ බවද කියන වියන්ගෙඩ මහතා ප්‍රජාතනත්‍රවාදයේ ඉදිරිගමනට ශිෂ්ඨ සම්පන්න සමාජයේ ඉදිරිගමනට නැවතත් පුරවැසියන් බිහිකළ යුතු බව ද පවසයි.

එහි දිග හැරුමක් ලෙස ලබන දෙසැම්බර් 02 වැනිදා හයිඩ්පාර්ක් පිටියේදී විශාල ජන රැලියක් පවත්වන බවත්, පුරවැසි හැගීමක් ඇති සියල්ලන්ටම එදිනට එහි පැමිණෙන්නැයි ඔහු ආරාධනා කර සිටී.

 පුරවැසි හැගීමක් ඇති සියල්ලන්ටම එදිනට එහි පැමිණෙන්නැයි ඔහු ආරාධනා කර සිටී.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.