ප්‍රතිවාදියාට ගල් ගැසීම විහිළුවක්ද?

ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසන ආකාරයට පැල්මඩුල්ලේදී පොදු අපේක්ෂකයා ගේ රැස්වීමට ගල් ගැසීම සංදර්ශනයක කොටසකි.
අපේ එකෙක් ගල් ගැහුවා නම් හරියට ගල ගහන බව ජනාධිපතිවරයා කියා සිටී.

ඔළුවට අත තබාගෙන දිවගිය මෛත්‍රීපාල සිරිසේන මහතාට හෝ ගල් වැදී ඔළුව පැළුණු අධාරකරුවන්ට නම් ඒ ගල් ගැහිල්ල විහිළුවක් බව පෙනෙන්නට තිබුනේ නැත.

ඊටත් වඩා බයක් සැකක් නැතුව තමන් ගේ අදහසක් ප්‍රකාශ කිරීමට ඉඩක් තබිය යුතු බව විස්වාශ කරන අයට නම් මෙය විලුවක් නොව නිවට බියගුළු ක්‍රියාවක් විය හැකිය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය දනේෂ් කරුණානායක කියා සිටීයේ අපේ පළවෙනි පුරවැසියා තුන්වැනි ශ්‍රේණියේ කතාවක් කියා ඇති බවයි.

345accdd31e2a301a9f43942a8cf210e_L

රැස්වීමට ගල් ගැසීම සංදර්ශනයක අංගයකි-ජනාධිපති මහින්ද රාජපක්ෂ

අරලගංවිල මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රැස්වීමට වෙඩිතැබීම

aralaganwila_attack_3

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.