Emissions testing:වාහන දුම් පෝලිමේ

 

teste

 

 

දුම් පරීක්ෂාව සඳහා රුපියල් 5000ක් අය කරනු ලබන්නේ රෝද හතරේ වාහනවලින් පමණක් බව මුදල් ඇමැති රවී කරුණානායක මහතා අද (23) සවස පාර්ලිමේන්තුවේ දී කීවේය.

ත්‍රීරෝද රථවලින් සහ යතුරුපැදිවලින් එම ගාස්තුව අය නොකරන බව ද ඔහු සඳහන් කළේය.

දැනට තිබෙන ගාස්තුවටම  දුම් පරීක්ෂණය සිදු කර ගැනීම සඳහා බොහෝ පළාත්වල දුම් පරීක්ෂණ ස්ථානවල වාහන පෝලිම් ගැසී ඇති බව වාර්තාවේ.

ලබන ජනවාරියේ සිට රෝද හතරේ වාහන සඳහා දුම් පරීක්ෂණ ගාස්තුව රුපියල් 5000 දක්වා වැඩි කර ඇත.

පරණ ගාස්තුව රුපියල් 1100කි.

එම ගාස්තුවට දුම් පරීක්ෂණය කර ගැනීම සඳහා මෙම වාහන හිමියන්ගේ අරමුණ බව කියති.

මෙතක් පැවති ගණන් අනුව යතුරු පැදියක් සඳහා දුම් පරීක්ෂණ ගාස්තුව රුපියල් 410කි. ත්‍රීවීලරයක් සඳහා රුපියල් 505ක් ද, කාරයක් සඳහා 1100ක් ද, ද්විත්ව කාර්ය වාහන සඳහා 1190ක් ද, බස් රියක් සඳහා 1100ක් ද, ලොරියක් සඳහා 1150ක් ද අය කරයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.