Mosquitoes :මැඩලන්න මදුරු ප්‍රහාරයක්

 

මැලේරියා ආසාදනයට ප්‍රතිරෝධයක් දැක්විය හැකි ජානමය වශයෙන් වැඩි දියුණු කළ මදුරුවෙකු බිහි කළ බව එක්සත් ජනපද විද්‍යාඥයෝ පවසති.

මෙම විද්‍යාගාර ශිල්ප ක්‍රමය ස්වභාවික පරිසරය තුළ සාර්ථක වුවහොත් මදුරුවන් හරහා මිනිසාට මැලේරියාව ගෙන ඒම නවතාලීමට නව මාවතක් පෑදෙනු ඇති බවයි ඔවුන් පවසන්නේ.

මෙහිදී විද්‍යාඥයන් සිදු කරන්නේ මැලේරියා වෛරසයට එරෙහිව සටන් කළ හැකි නව ජානයක් මදුරුවාගේ DNA තුළට ඇතුළු කිරීම යි

_86835926_z3410293-anopheles_mosquito-spl

මෙසේ කෘත්‍රිම ලෙස ජාන වෙනසකට භාජනය කළ මදුරුවන්ගෙන් බිහි වන පැටවුන්ට ද ඉහත කී මැලේරියා ප්‍රතිරෝධක ජානය උපතින්ම හිමි වන බවයි වාර්තා සඳහන් කරන්නේ.

එම ප්‍රතිරෝධක ජානය හිමි මදුරුවන් තුළ මැලේරියා වෛරසය පැවතීමට ඉඩක් නොලැබෙන බැවින් එය මිනිසා වෙත ගෙන ඒම වළකිනු ඇත

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.