Shocking:නිවුන් බිළිඳුන් වෙඩි තබා පියාත් දිවි නසාගෙන

564cc2911600002d0026dacc

ෆ්ලොරිඩා හි නිවසේ සිටියදී මවගේ දෑතේ සිටි මාස 5 ක නිවුන් දරුවන් දෙදෙනෙකු ඔවුන්ගේ පියා විසින් වෙඩි තබා ඝාතනය කර තිබේ. රුෂේන් විල්සන් නම් ඔහු ද වෙඩි තබා ගෙන මියගොස් ඇති අතර වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ මව රෝහල් ගතකොට තිබේ.

[vsw id=”/rkhhFFq3boI” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

 

22 හැවිරිදි මේගන් නම් වන මේ කාන්තාවගේ පෙම්වතා යැයි පැවසෙන රුෂේන්, දරුවන් අතට ගන්නා ලෙස පවසා ඉන්පසු වෙඩි තබා ඇතැයි වාර්තා වේ. එපමණක් නොව ඇගේ පියා ද මේ වෙඩි පහරට ලක්ව මියගොස් තිබේ.

මේගන්ගේ මව පවසන ආකාරයට තම දියණියගේ පෙම්වතා දැඩි ලෙස ඇයව පාලනය කර ඇත. ඇගේ ජංගම දුරකථනය පවා ඔහු ළඟ තබාගෙන ඇති අතර ඇගේ පවුල සමඟ පවත්වන සබඳතා පවා පාලනය කර ඇත.

මිතුරන්ගෙන් ද ඇයව ඈත්කර ඇති අතර ඔවුන්ගේ සබඳතාව ශක්තිමත් නොවන බව තමන්ට වැටහුණ බව ඇය පවසයි. මේගන්. දරුවන් දෙදෙනා සහ පියා සමඟ ෆ්ලොරිඩා හි පිහිටි නිවසේ සිටිද්දී මේ අපරාධයට මුහුණ දී තිබේ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.