ටින් මාළු, ළදරු කිරිපිටි,අල, බී ලුණු මිල අඩු කිරීමටමොකද වුනේ?

 

Goods

 

 

 

අය වැය මඟින් අත්‍යාවශ්‍ය භාණ්ඩ 11 ක මිල අඩුකළ බව මුදල් අමාත්‍යවරයා පැවසු නමුත් 2015-11-24 දින පාරිභෝගික අධිකාරිය නිකුත් කළ ගැසට් පත්‍රයේ තිබෙනුයේ මිල අඩු කළ භාණ්ඩ 6ක් පමණක් බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ප්‍රශ්න කර සිටියි.

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරන එහි සභාපති රංජිත් විතාන සඳහන් කරන්නේ එම ගැසට් නිවේදනයේ සඳහන් නොවන්නේ ඇයිද යන්න පැහැදිළි ගැටළුවක් වන බවය.

එසේම පරිප්පු සඳහා ගැසට් පත්‍රය මඟින් පාලන මිලක් නියමකොට තිබුණත් ඒ කුමන පරිප්පු සඳහා දැයි සඳහන් නොවන බවත් එහෙයින් අයවැයෙන් ජනතාව වෙත ලබාදුන් සහන ඒ ලෙසින් ලැබෙන්නට ඇති අවස්ථාව මේ තුළ අහිමිවයාමේ අවධානමක් ඇති බවත් සභාපතිවරයා අවධාරණය කර සිටියි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.