මනුෂට නියෝජ්‍ය ඇමැති කමක්?

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කණ්ඩායම නියෝජනය කළ මන්ත්‍රීවරයෙකු මේ සතියේදී නියෝජ්‍ය ඇමැතිවරයෙකු ලෙස දිව්රුම් දෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. කරුණාරත්න පරණවිතාන මහතා ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ දිව්රුම්දීමත් සමග පුරප්පාඩු වූ පළාත් පාලන හා පළාත් සභා නියෝජ්‍ය ඇමැති ධුරයේ මෙම මන්ත්‍රීවරයා දිව්රුම් දෙනු ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ මන්ත්‍රීවරයා මනුෂ නානායක්කාර වීමට ඉඩ  ඇත.manusha-nanayakkara1
ඔහු දිව්රුම්දීමෙන් පසු තවත් මන්ත්‍රීවරුන් තිදෙනෙකු ද නියෝජ්‍ය හා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ධුරවල දිව්රුම්දීමට නියමිත බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම මන්ත්‍රීවරු අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීමේදී නොපැමිණි මන්ත්‍රීවරයෙකි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.