ශ්‍රීලනිප නායකත්ව සටනේ පෙරලි ගොඩයි

images (46)

 

 

 

ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ආරක්ෂා කර දෙන ලෙස එම පක්ෂයේ මන්ත‍්‍රීවරුන් පිරිසක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කොළඹ  විජේරාම මාවතේ පිහිටි ජනාධිපතිවරයාගේ නිල නිවසේද ඊයේ පස්වරුවේ හමුවී ඉල්ලීමක් කර ඇත.

දිගින් දිගටම අල්ලස් චෝදනා එල්ලවෙන අතරවාරේ හුදෙක් පලිගැනීමේ චේතනාව මත ඇතැම් පිරිස් කටයුතු කිරීමට ඉඩ තිබෙන බව මේ පිරිස පෙන්වා  දී ඇත.

මෙම හමුව සදහා ශ‍්‍රීලනිප ජේ්‍යෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල  ද සිල්වා, මහලේකම්  අනුර ප‍්‍රියදර්ශන යාපා, සන්ධානයේ මහ ලේකම් සුසිල් පේ‍්‍රම්ජයන්ත, ඩිලාන් පෙරේරා, මහින්දානන්ද අලූත්ගමගේ යන මහත්වරුද මහ ඇමති ප‍්‍රසන්න රණතුංග මහතා සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මියද වූහ.

මේ පිරිස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පක්ෂ

dauyasiri777

 

 

දයාසිරි ජයසේකර ඇතුළු අමාත්‍ය මණ්ඩලය මෛත්‍රිට 

එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමිව තිබූ වයඹ පළාත් සභාවේ මහ ඇමති දයාසිරි ජයසේකර ඇතුළු අමාත්‍ය මණ්ඩලය සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය චදීමට තීරණය කර ඇත.

පළාත් සභාවලට ජනාධිපතිතුමා ගන්නා ඕනෑම තීන්දුවකට යටත්ව කටයුතු කිරීමට සිදුවන බැවින් ඔහුගේ යහපාලනයට සහය දෙන බව වයඹ පළාත් සභාවේදී අද මාධ්‍ය අමතමින් ප්‍රධාන අමාත්‍යවරයා කීය

 

 

;lk;lk';l'nj

 

මහින්ද මැතිවරණයට

 

අලූත් ආණ්ඩුව විසින් ක‍්‍රියාත්මක කරන බව කියන දින 100 යේ වැඩපිළිවෙළින් අනතුරුව දේශප්‍රේමී ආණ්ඩුවක් පිහිටුවන බව පිවිතුරු හෙළ උරුමය කොළඹදී මාධ්‍ය අමතමින් කීය.

ආණ්ඩුවේ දින 100යේ වැඩපිළිවෙළට බාධා නොකරන බවත් කී ඔහු ලබන අප්‍රේල් මාසයේදී පැවැත්වෙන මහ මැතිවරණයේදී අග්‍රාමාත්‍ය ධුරය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තරඟ කරන බවද පැවසීය.

හිටපු ජනාධිපත මහින්ද රාජපක්‍ෂ මහකා ලබන 19 වන දින ආරම්භ වන නව පාර්ලිමේන්තු සැසිවාරයේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරටෙකු ලෙස නැවත පාර්ලිමේන්තුවට පිවිසෙනු ඇතැයි වාර්තා වෙයි.

ඒ මහතා පාර්ලිමේන්තුවට පිවිසීම සඳහා පත්කල මන්ත‍්‍රීනී මාලනී ෆොන්සේකා,කමල රණතුංග හෝ එල්ලාවල මේධානන්ද හිමියන් ඉල්ලා අස්වීමට ඉඩ තිබේ.

download (59)

ඌව පළාත් සභාවේ  බලය හරින්ට

ඌව පළාත් සභාවේ  බලය විපක්‍ෂ එක්සත් ජාතික පක්‍ෂයට හිමිවන ලකු-ණු පහල වී තිබේ.

වත්මන් සන්ධාන ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු හය දෙනෙක් ආණ්ඩු පක්ෂයට එක්වීමට සූදානමින් සිටින බවද වාර්තා වෙයි

download (60)

සජින් එපා

එක්සත් ජනතා නිදහස් සන්‍ධානයේ බලපිටිය ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා නව ආණ්ඩුවට එක්කර නොගැන්නයි බල කරමින් බලපිටිය නගරයේ අද විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වුණා.

සජින් වාස් ගුණවර්ධන මහතා නව ආණ්ඩුවට එක්කර ගතහොත් ඊට එරෙහිව ජිවිත පරිත්‍යාගයෙන් වුව ද කටයුතු කිරීමට සුදානම් බව මෙම විරෝධතා ව්‍යාපාරයට එක්වු පිරිස් අවධාරණය කර තිබෙනවා.

 

 

 

 

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.