කොළඹ කුඩු ජාවාරම් ප්‍රධානියා තරුණ දේශපාලනඥයෙක් බව වෙලේ සුදා කියයි

 

 

 

 

wele

 

ගම්පොල විදානලාගේ දොන් වසන්ත කුමාර නොහොත් වෙලේ සුදා අත්අඩංගුවට පත් වීමෙන් පසුව  බොහෝ දෙනා තල නැගුනු මුල්ම ප්‍රශ්නය වුනේ මේ සාද මහත් කුඩු

ජාවාරම පසුපස සිටින්නේ කව්රුන්ද යන්නයි.

තැපැල් ඡන්ද ප්‍රතිපල මුලින් එන්නක් මෙන් මුල්ම හෙළිදරව්ව දැන් ලැබී ඇත. දිවයින පුවත් පතේ හේමන්ත රන්දුනු පවසන් ආකාරයටප්‍රධාන අනුග්‍රාහකයා ආරක්ෂක අමාත්‍යන්ශයටද සම්බන්ධව සිටී කොළඹ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ එක්‌තරා තරුණ දේශපාලනඥයෙක්ය.

තරුණ දේශපාලනඥයා මාසිකව තමාගෙන් රුපියල් කෝටියකට ආසන්න මුදලක්‌ කප්පම් වශයෙන් ලබාගන්නා බව  ශ්‍රී ලංකාවේ හෙරොයින් ජාවාරමේ 60% කටත් වඩා වැඩි ප්‍රමාණයක්‌ මෙහෙයවූ  වෙලේ සුදා පොලීසියටප්‍රකාශ කොට ඇත.

මේ දේශපාලනඥයා රාජපක්ෂ ආණ්ඩුවේ දැරූ  ආරක්‍ෂක අමාත්‍යාංශ  නිලය හේතුවෙන් වෙලේ සුදා සහ කණ්ඩායම සෙසු  හෙරොයින් ජාවාරම්කාරයන් ආරක්‍ෂා කිරීමට මොහු ඒ නිලතල ප්‍රයෝජනයට ගත් බව ද වාර්තා වෙයි.

මේ අතර පාතාල ලෝකයේ සන්නද්ධ කණ්‌ඩායම් කීපයක්‌ම මෙම දේශපාලනඥයා යටතේ පවතින අතර තමන්ට එරෙහි වන හෙරොයින් ජාවාරම්කාරයන් මර්දනයට මොහු මෙම පාතාල කණ්‌ඩායම් යෙදවූ බව ද වෙලේ සුදා අනාවරණය කරයි.

මහජනතාව වෙනුවෙන් අත දිගහැර මුදල් සහ වෙනත් භාණ්‌ඩ බෙදාහරින  මේ දේශපාලනඥයා ඒ සඳහා  හෙරොයින් ජාවාරම්කාරයන්ගෙන් ලබාගන්නා මුදල් භාවිතා කරන බව වෙලේ සුදා කියතත් ඔහු කියා සිටින්නේ තමන් පාරම්පරික ධනවතෙක් බවයි.

 

 

SRI_LANKA_(F)_0627_-_Droga

 

 

වෙලේ සුදා මාස තුනක රැඳවුම් නියෝග මත තබා වැඩිදුරටත් විමර්ශන සිදුකරන අතර ඔහු තවත් නම් ගණනාවක්ම හෙළිදරව් කොට ඇති බව වාර්තාවේ.

 

 

මුහුදු මාර්ගයෙන් මෙන්ම කන්ටේනර්වල සූක්‍ෂ්මව අසුරා එවූ හෙරොයින් ප්‍රමාණය කොතෙක්‌ දැයි ගණනය කළ නොහැක. රහස්‌ පොලිසිය කළ විමර්ශනවලින් කියෑවුණේ වෙලේ සුදා පසුගිය වසර තුනක්‌ වැනි කාලසීමාවේදී ශ්‍රී ලංකාවට එවූ හෙරොයින් ප්‍රමාණය කිලෝග්‍රෑම් 1000 ද ඉක්‌මවන බවයි.

පාකිස්‌තානයෙන් රුපියල් ලක්‍ෂ 4 ක්‌ වැනි අඩු මිලකට ලබා ගන්නා හෙරොයින් කිලෝග්‍රෑමය ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ වෙත එද්දී රුපියල් කෝටියකට ආසන්න වෙයි. වෙලේ සුදා ඉතාම කෙටි කාලයකදී මහා ධන කුවේරයකු බවට පත්වන්නේය.

 

 

කොළඹ කුඩු ජාවාරම ගැන මැතිවරණ සමයේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සටන වැඩසටහනට කළ හෙළිදරව්වක් මේ-මේ වන විට වෙලේ සුදා  ශ්‍රි ලංකාවේ  පොලිස් භාරයට පත්ව සිටීයේ නැත.

 

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.