මියන්මාර් මැතිවරණයෙන් අත් වූ ජය සමග අවුන්සාන් සුකීට ජීවිත තර්ජන

පසුගිය නොවැම්බර් මාසයේ දී මියන්මාරයේ පැවති මහමැතිවරණයෙන් එරට දේශපාලන බලය අත්කරගත් ප්‍රජාතන්ත්‍රය සදහා වූ ජාතික ලීගයේ නායිකාව වන අවුන්සාන් සුකී හට මරණ තර්ජන එල්ල වෙමින් පවතින බව පසුගියදා අනාවරණය වී ඇත.

මේ හේතුව නිසා ඇයට ඉතිහාසයේ ප්‍රථම වරට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබාදීමට ද එරට පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

වසර ගණනාවක් නිවාස අඩස්සියේ සිටි ඇය මියන්මාරය තුළ ඇති කර ගනිමින් පවතින බලවත් දේශපාලන වෙනස නිසා මියන්මාර් ජනාධිපති ධූරය හිමිවීමට ඇති ඉඩකඩ මේ සියලු ගැටළු වලට හේතු වූ බව සදහන් වේ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!