94% ලිංගික හිංසන කථාව ඇත්තක්ද?

‘පොදු ප්‍රවාහනයේදී කාන්තාවන් 94% ලිංගික හිංසනයට’

කාන්තාවන්ගෙන් 94% ක් පොදු ප්‍රවාහන සේවාවන්වල ගමන් කරද්දී ලිංගික හිංසනයට ලක්වන බවට අණාවරණය කරගෙන ඇතැයි කාන්තාව හා මාධ්‍ය සමුහිකය ප්‍රකාශකරයි.

පොදු ප්‍රවාහණ සේවය තුළ සිදුවන ලිංගික හිංසනය ශ්‍රී ලංකාවේ අප කවුරුත් දන්නා ගැටලූවක් බවට පත්ව ඇත.

තනියම ගමන් බිමන් යාම, රථය තුළ නින්දයාම, අධික සෙනග සහ ලිංගික ආක්‍රමණයට එරෙහිව විරෝධය නොපෑම වැනි සාධක පොදු ප්‍රවාහන සේවා තුළ ස්ත්‍රීපුරුෂ සමාජභාවය හේතු කොට ගෙන ප්‍රචණ්ඩ ක්‍රියාවන් සිදුවීමට දායකවනබව හදුනාගෙන ඇතැයි ද එම සංවිධානය පවසයි.

 

hqdefault (8)

දින 16 යේ විරෝධතා ක්‍රියාමලාව සදහා සිබිල් වෙත්තසිංහයන් විසින් ඉදිරිපත් කරන ලද නිරූපණයන්හි නිදර්ශනය තුළින් පෙන්නුම් කිරීමට උත්සාහ ගන්නේ පොදු ප්‍රවාහන සේවාව තුළ බහුලව සිදුවන එවැනි හිංසනයකි.

මෙහිදී වින්දිතයා සහ ඇය වටා සිටින අයගේ විශිෂ්ට ප්‍රතිචාර තුළ වැරදිකරුවා අපහසුතාවයකට පත්කොට ඇති අතර එවැනි ප්‍රතිචාර බොහෝවිට වැරදිකරුවන්ට අනාගතයේ දි එවැනි ක්‍රියාවලින් වැළකී සිටීමට මූලික විය හැකි බවද කාන්තාව හා මාධ්‍ය සමුහිකය අවධාරණය කර සිටි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!