Advert:පොඩි මල්ලි සහ චුටි මල්ලීට පොල්ල

 

 

suneth-gaminda (1)

 

 

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමයේදී හදුන්වා දෙන ලද Lanka Super Diesel 4 Star සහCeypetco Hirax ලිහිසි තෙල් නිෂ්පාදන ප්‍රචලිත කිරීමේ වෙළඳ දැන්වීම නිර්මාණය කිරීමට ටෙන්ඩර් පටිපාටියෙන් තොරව සීමාසහිත ට්‍රැඩ් ලංකා පුද්ගලික සමාගමට 2014 ජූනි මස 06 වැනි දින ලබා දී ඇත.

මේ සඳහා ජාතිය ගොඩනැගීමේ බද්ධ එකතු කළ අගය මත බද්ධ සහ වැට් බද්ධද සහිතව රුපියල් 5,452,104.00ක් ගෙවා ඇත. අදාළ දැන්වීමට පෙනී සිටි නිරූපණ ශිල්පීන් වන ගාමින්ද පියවිරාජ් සහ සුනෙත් චිත්‍රානන්ද (පොඩි මල්ලී – චූටි මල්ලී) දෙදෙනාට ගෙවා ඇත්තේ රුපියල් ලක්ෂ හයක මුදලක් පමණක් බව අනාවරණය විය.

පාර්ලිමේන්තුවේදී අජිත් මාන්නප්පෙරුම මන්ත්‍රීවරයා ඇසූ ප්‍රශ්නයකට විදුලි බල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා ලබා දුන් පිළිතුරෙන් මේ බව හෙළි වේ.  රාජපක්ෂ පාලන සමයේ ටෙන්ඩර් පටිපාටියෙන් තොරව තම හිතවත් ආයතන වෙත මේ ආකාරයේ ගෙවීම් රාශියක් කර ඇති බව හෙළි වෙමින් තිබේ.  මෙම ගණුදෙනුව මහා පරිමාණ මූල්‍ය වංචාවක් නොව එම ආණ්ඩුව යටතේ කෙරුණු සුළු පරිමාණ ගණයට අයත් වන්නක් වීම විශේෂත්වයකි.

රජයේ මුදල් භාවිතයේදී රුපියල් 5000 කට වඩා  වටිනාකමින් යුතු මිලදී ගැනීම් සිදු කරන්නේ නම් ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කළ යුතු බව මූල්‍ය රෙගුලාසිවල සඳහන් වේ.

ඒ වෙනුවෙන් නිර්මාණය කළ වෙළඳ දැන්වීමක් පහතින්

 

[vsw id=”/eAYahT7ZVtU” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

bills for adverts questioned

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.