Amarasekara:මෝදී ගේ තර්ජනය රජීව් ගේ පරිප්පු ප්‍රහාරයට සමයි

 

Gunadasa-Amarasekara-fix

 

ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරට පාර්ලිමේන්තුවේදී 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයකට එහා විසදුමකට යා යුතු බව කියමින් කළ ප‍්‍රකාශය රජීව් ගාන්ධි මහතා පරිප්පු දමා කළ ගර්ජනයකට නොදෙවැනි තර්ජනයක් යැයි ජාතික සංවිධායක එකමුතුවේ කැදවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පැවැසීය.

ඉන්දීය අගමැතිවරයාට එවැනි ප‍්‍රකාශයක් නිර්භීතව කිරීමට අවස්ථාව ලැබුණේ මේ රටේ රූකඩ ආණ්ඩුවක් පවතින නිසා යැයිද ආචාර්ය ගුණදාස අමරසේකර මහතා සදහන් කළේය.

ගුණදාස අමරසේකර මහතා මේ බව පැවසූවේ බොරැල්ල රොඞ්නි පෙදෙසේ පිහිටි දේශ හිතෛෂී ජාතික ව්‍යාපාර කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ගුණදාස අමරසේකර මහතා මෙසේද පැවසීය.

ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පාර්ලිමේන්තුව අමතමින් කළ කතාව බලපුළුවන්කාරකම ප‍්‍රදර්ශනය කිරීමක් බව දයාන් ජයතිලක මහතා ප‍්‍රදර්ශනය කර තිබුණා.අපත් එය අනුගමනය කරනවා.රජීව් ගාන්ධි මහතා පරිප්පු දමා රටට කළ තර්ජනයට නොදැවෙනි තර්ජනයක් එදා මෝදි මහතා පාර්ලිමේන්තුවේදී කළා.

අපේ රට ස්වාධීන රාජ්‍යයක් නොව ඉන්දීය ප‍්‍රාන්ත රාජ්‍යයක් ලෙස සලකලයි ඔහු ඒ කතාව කළේ කියා අපට සිතෙනවා.13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එහා ගිය විසදුමක් ඔහු ඉල්ලනවා.අපේ රටේ දේ ගැන එවැනි ප‍්‍රකාශ කරන්න ඔහුට මොන බලයක්ද තිබෙන්නේ.

මේ රටේ තිබෙන්නේ තමන් පත්කළ රූකඩ ආණ්ඩුවකුයි කියා ඔහු හිතනවා ඇති.ඒ නිසා තමයි බලපුළුවන්කාර විදියට ඔහුට කතා කරන්න පුළුවන් වුණේ.මෝදිගේ ප‍්‍රකාශයට කිසිම විරෝධතාවක් එල්ල නොවීමයි අභාග්‍ය සම්පන්නම දේ වෙන්නේ.

කතාවට විරෝධය පා පාර්ලිමේන්තුවෙන් නැගිටල යන්න තරමටවත් කොන්දක් තිබුණේ විමල් වීරවංශ මන්ත‍්‍රීතුමාට විතරයි.අනෙක් අය කසාය බීපු ගොළුවෝ වගේ බලාගෙන හිටියා.මෝදි මහතාගේ ප‍්‍රකාශය මීට පෙර කරන්න තිබුණු එකක් යැයි කියූ අයත් හිටියා.

මෝදි 13ට එහා ගිය විසදුම් ගැන කතා කරද්දී අපේ විපක්ෂනායක නිමල් සිරිපාල ද සිල්වා මහතා ඔහුට ස්තූති කර හින්දියෙනුත් මොනවද කියලා ආශිර්වාද කළා.

සාධාරණ සමාජයක් ගැන කතා කරන මාදුළුවාවේ සෝභිත හිමියොත් මේ ගැන නිහඩයි.උන්වහන්සේ සාධාරණ සමාජයක් කියලා හිතන්නේ 13 න් එහාට ගිය සමාජයක් වෙන්න ඇති.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.