Anthem:ජාතික ගීතයේ භාෂාව අළුත්ම ප්‍රශ්නයයි

rajithaqqආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් පරිදි දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීම පුරවැසි අයිතියක් වන බව  කැබිනට් ප්‍රකාශක සෞඛ්‍යය ඇමති රාජිත සේනාරත්න අද (19) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කියා සිටියේ.

පසුගිය දා පැවැත්වුන ජාතික විධායක සභා රැස්වීමක දී ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීමට ඉඩ ලබා දිය යුතු බවට ඉල්ලීමක් ඉදිරිපත් වුන අතර ව්‍යවස්ථාවේ සඳහන් කාරණයක් නැවතත් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයක් නැති බව තමන් එම අවස්ථාවේ පෙන්වා දුන් බවයි අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කළේ.

‘ව්‍යවස්ථාව අනුව ජාතික ගීය දෙමළ බසින් ගායනා කරන්න පුළුවන්. ඒ සඳහා ජනාධිපතිවරයාගේ අවසරය අවශ්‍ය නැහැ, පසුගිය රජයේ නායකයන්ට ඒ ගැන ප්‍රශ්න තිබුනත් කැබිනට් ඇමතිවරයෙක් ලෙස මම උතුරු පලාතේ උත්සවවල දී ජාතික ගීය දෙමළෙන් ගායනා කරන්න ඉඩ දුන්නා’ ඇමතිවරයා පවසයි.

‘එවැනි අවස්ථාවක ජාතික ගීය සිංහලෙන් කිව්වම අපි පස් දෙනකුට තේරෙයි. එහේ මිනිස්සු ඔක්කොම දන්නේ නැහැ මොනවද ඒකෙන් කියවන්නේ කියලා, දෙමළෙන් කිව්වොත් ඔක්කොටම තේරෙනවා. ඒ මිනිස්සු දෙමළෙන් අපේ ජාතික ගීය කිව්වම අපි සන්තෝෂ වෙන්න ඕන නේද?’

 

[vsw id=”/kdsEER8IUsE” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

ජාතික ගීතය දෙමළෙන්

 

විරෝධය

ජාතික ගීය දෙමළ බසින් ගායනා කළ යුතු බවට ඉදිරිපත් වී ඇති යෝජනාවට ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය සහ මහජන එක්සත් පෙරමුණ සිය විරෝධය පළ  කොට සිටී.

, අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වීරකුමාර දිසානායක කියා සිටියේ ජාතික ගීය ගයන බස තීරණය කිරීම හදිසි අවශ්‍යතාවයක් නොවන බවයි.ජාතික ගීය දෙමළ බසින් ගායනා කළ හොත් එය ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව පවසන්නේ පිවිතුරු හෙළ උරුමයේ නායක බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී උදය ගම්මන්පිලයි.

 

images (58)

වැදී භාෂාවෙන් ජාතික ගීය 

ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනට ඉඩ දීම අන්තවාදී මනස තව තවත් පෝෂණය කිරිමක් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි. නෙත් ගුවන් විදුලිය හා සාකච්චාවකට එක්වෙමින් ඔහු සඳහන් කලේ සිංහල භාෂවෙන් ජාතික ගීය ගායනා කිරීම දෙමළ ජනයාට කිසිම අවමානයක් නොවන බවයි. යම් හෙයකින් වැදි ජනයාද ඔවුන්ගේ භාෂාවෙන් ජාතික ගීය ඉල්ලූවහොත් ඔවුන්ටද වැදි භාෂාවෙනුත් එකක් දීමට සිදුවනු ඇතැයිද ඔහු කියා සිටියේය.

 

 

 

National antheam in Tamil is the biggest problem in Sri Lanka

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.