Army Appointments-සියල්ලෝ සතුටින්ද?

සාමාන්‍යයෙන්  නව ජනාධිපතිවරයෙක් පත්වූ විට කරන පලමුවෙනි  කාර්ය වන්නේ තමන්ගේ ආරක්ෂක අංශ පිළිබඳව විගණනයක යෙදීමයි.එහෙත් නව ජනධිපතිවරයා මේ කාර්යයට අත ගැසුවේ  ඉතා සීරුවෙනි.

 සරත් ෆොන්සේකා ඇතුළු බොහෝ දෙනෙකුගේ අදහස් විමසු නමුත් අවසානයේදී  ජනධිපතිවරයා තමන්ගේම තීරණයක් ගත්තේය.

නව හමුදාපති
නව හමුදාපති

ජෙනරල් රඹුක්පොත හමුදාපති  ධුරයට පත්වූ බව මාධ්‍ය වාර්තා කරද්දී පත් කෙරුණේ මේජර් ජෙනරාල් කි‍්‍රෂාන්ත ද සිල්වාය.

යුධ හමුදාවේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන මේජර් ජෙනරාල් කි‍්‍රෂාන්ත ද සිල්වා  හමුදාවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා හෙයින් හමුදාපති තනතුර ලබාදිය යුතුව තිබුණද පසුගිය රාජපක්ෂ රජය එය මගහැර රුසියාවේ ශී‍්‍රලංකා තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපති ලෙස ඔහුව පත් කරන ලදි

සරත් ෆොන්සේකා ගේ නිර්දේශ ලැබූ නිලධාරීන් කීප දෙනෙකුට වැදගත් තනතුරු හිමිවී තිබේ.

වන්නි කලාපයේ නව ආඥාපති ලෙස  පත්කර සිටින මේජර් ජෙනරාල් අමල් කරුණාසේකරය.බුද්ධි අංශ.2009 වසරේදී තමන් ජනපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වනවා යැයි සරත් ෆොන්සේකා මහතා නිවේදනය කළ විට මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර සොයා පැමිණි රහස් පොලිසිය සරත් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් දියත් කිරීමට යන පරීක්ෂණ කටයුතු වලට ඔහුගේ සහය ඉල්ලා සිටියේය.එම ඉල්ලීම් සියල්ල තරයේ ප‍්‍රතික්ෂේප කිරීමට මේජර් ජෙනරාල් කරුණාරත්න කටයුතු කළේය

යුධ හමුදා ලේකම් ලෙස පත්ව සිටින මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක හා මෙහෙයුම් අධ්‍යක්ෂක ලෙස පත්කර සිටින බි‍්‍රගේඩියර් ඞී.සී.කැප්පෙටිවලානත් පසුගිය ආණ්ඩුව යටතේ කොන්වී සිටි නිලධාරීන්ය.

imagearmyy

නව පත්වීම් ලැබූ අනෙක් මේජර් ජෙනරාල්වරුන්  සිව්දෙනා,බි‍්‍රගේඩියර්වරුන් සිව්දෙනා,කර්නල්වරයා,ලූතිනන් කර්නල්වරයා හා කපිතන්වරු  දෙදෙනා ඇතුලූ 14 දෙනා හිටපු රාජපක්ෂ රජයේ නියමයෙන් විශ‍්‍රාම යවා තිබුණු නිලධාරීන්ය .

1992 හමුදා නිළධාරීන්ගේ රෙගුලාසි අනුව හමුදා නිලධාරියෙක් කිසියම් අනිසි කි‍්‍රයාවක යෙදුනු බවට චෝදනා ලැබ හෝ ජනපතිවරයාගේ අවධානයට යොමු කෙරෙන නීති  විරෝධී හෝ රාජ්‍ය විරෝධී කටයුත්තකට හවුල්ව සිටින්නෙක් බව සදහන් වුවහොත් තම  නියමයෙන් එම නිළධාරියා විශ‍්‍රාම යැවීමට හෝ සේවයෙන් පහකිරීමේ බලතල ජනපතිට හිමිය.එල්.මෙසේ විශ‍්‍රාම යැවෙන නිළධාරීන්ට ඔවුන්ගේ විශ‍්‍රාම වැටුපද අහිමිය

අලූත පත්කෙරුණු මෙම නිළධාරීන්ගෙන් දස දෙනෙක්ම විදේශයන්හි සිට නැවත මෙරටට පැමිණීයේ ජනපතිවරණය අවසන්වූවායින් පසුවය.සරත් ෆොන්සේකා මහතා මැදිහත්ව ඔවුන්ට නව ජනපති සිරිසේන හමුවීමට අවස්ථාව සළසා දුන් අතර ඔවුන්ව නැවත ධූරයන්හි පිහිටුවන්නටත් ඔවුන්ට හිමි දීමනා හා වරප‍්‍රසාද ලබාදෙන්නටත්  ජනපතිවරයා අදාළ අංශ වලට නියෝග කළේය.

 images (84)sarath

ජනධිපතිවරයා හමුදාවේ ඉහළ ප්‍රතිසංවිධානයකොට ඇත්තේ තමන්ට හිතකාමී පරිසරයක් සැලසෙන පරිදිය.

මේ පත්වීම් තවත් කණ්ඩායමක සතුටට හේතු නොවන බව පැහැදිලිය.

army commander appointed-

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.