Arrested:සරණ ගුණවර්ධන අත්අඩංගුවේ

රුපියල් ලක්ෂ 90ක යකඩ ගනුදෙනුවක් සම්බන්ධයෙන් සැකපිට හිටපු නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන රහස් පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබීය.

හලාවත මොහොමඩ් රස්මි නම් ව්‍යාපාරිකයකු මීට වසර තුනකට පමණ පෙර ගුණවර්ධන මහතාට එරෙහිව පැමිණිලි කර තිබුණත් වසර ගණනාවක් පරීක්ෂණ පමා විය.

2064347422

සරණ ගුණවර්ධන හිටපු ඇමැතිවරයා සමග සාකච්ඡා කළ හඬ පට ද එම ව්‍යාපාරිකයා රහස් පොලිසියට භාර දී තිබිණි.පසුගිය දිනෙක සරණ ගුණවර්ධන හිටපු නියෝජ්‍ය ඇමතිවරයා මැරයන් යොදවා වසර ගණනාවක් තමන්ගෙන් දිනපතා කප්පම් ලබාගත් බවට ගම්පහ දිස්ත්‍රික්කයේ රඹුටන් වෙළදුන් උද්ඝෝෂණයක නිරත විය. හිටපු ජනාධිපති රාජපක්ෂ සමයේ මැර ක්‍රියා සිදු කළ බවටද හිටපු නියෝජ්‍ය ඇමතිවරයාට එරෙහිව චෝදනා එල්ල වී තිබේ

 

Sarana Gunawardhana Arrested

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.