Avanguard:විජේදාස අනුරට අභියෝග කරයි

wijedasa-rajapakseඇවන්ගාර්ඩ් ආරක්ෂක සමාගමේ සභාපතිවරයාගේ විදෙස් ගමන් බලපත්‍රය තාවකාලිකව ඔහුට ලබා දී ඇත්තේ අධිකරණය විසින් මිස තමන්ගේ බලපෑමක් අනුව නොවන බවත් මේ සම්බන්ධයෙන් රූපවාහිනී විවාදයකට පැමිණ විවාදයකට එක්වන ලෙස ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායකට අභියෝග කරන බවත් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ “ලක්බිම”ට පැවැසීය.
තමන් නීතිපතිවරයාට බලපෑම් කරන ඇවන්ගාර්ඩ් සමාගමෙන් සභාපතිවරයාගේ විදෙස් ගමන් බලපත්‍රය ලබාදුන් බවට ලද චෝදනා සම්පූර්ණ අසත්‍ය බවත් රූපවාහිනී විවාදයකට අනුර කුමාර දිසානායක පැමිණියහොත් තමන් එම කරුණුවල අසත්‍යතාව පෙන්වා දෙන බවත් විජේදාස රාජපක්ෂ කීය. ඕනෑම රූපවාහිනී නාලිකාවකදී විවාදයට තමන් සූදානම් බව ඔහු පැවැසීය.
අනුර කුමාර දිසානායක කරන අභියෝගය තමන්ට නිල මැස්සෙක් කරන අභියෝගයක් තරම්වත් නොදැනෙන බවද ඔහු පැවැසීය.
එම අභියෝගය පිළිබඳ අදහස් දැක්වූ විජේදාස රාජපක්ෂ මෙසේද කීය.

නයිජීරියාවට යෑමට

ඇවන්ගාර්ඩ් සමාගමට තමන්ගේ කටයුතු කරගෙන යාමට අධිකරණ අමාත්‍යාංශය විසින් අවසර ලබාදී තිබුණා. ඒ සඳහා වන අවබෝධතා ගිවිසුමක්ද පැවැතියා. එහෙත් එම ආයතනය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙන නිසා එම ආයතනයේ සභාපතිවරයාගේ විදෙස් ගමන් බලපත්‍රය අධිකරණය භාරයට ගෙන තිබුණා.
නයිජීරියාවට යෑමට අවශ්‍ය බවට ඔහු අධිකරණයට කරුණු දක්වා විදෙස් ගමන් බලපත්‍රය සතියක කාලයකට ඉල්ලා තිබෙනවා. ඩොලර් මිලියන 350ක් ලැබෙන ගිවිසුමකට අත්සන් තැබිමට තමයි ඔහුට නයිජීරියාව බලා පිටත්ව යාමට අවශ්‍යව තිබෙන්නේ. නාවික හමුදාව සමග එක්ව නැව් හදා නයිජීරියාවට ලබාදීමට අදාළ ගිවිසුමක් අත්සන් කිරීමට තමයි ඔහු ලංකාවෙන් යෑමට අවසර ඉල්ලා තිබෙන්නේ. මෙය ලංකාවට විදේශ විනිමය ලැබෙන ආකාරයේ ගිවිසුමක්.
මේ පිළිබඳ කරුණු සලකා බැලූ අධිකරණය විසින් සභාපතිවරයාගේ විදේශ ගමන් බලපත්‍රය නිදහස් කිරීමට අවසර ලබා දී තිබෙනවා. සතියක කාලයක් සඳහා ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රය නිදහස් කර තිබෙන අතර ඔහු නයිජීරියාවට ගොස් නැවත ලංකාවට පැමිණ තිබෙනවා. නැවත ඔහු තමන්ගේ විදෙස් ගමන් බලපත්‍රය අධිකරණයට භාරදී තිබෙනවා.
මේ පිළිබඳ මම නීතිපතිවරයාට කතා කළා කියලා තමයි අනුර කුමාර දිසානායක චෝදනා කරන්නේ. කිසියම් ගැටලුකාරී තත්ත්වයක් ඇති වූ විට අපි නීතිපති දෙපාර්තමේන්තුවට කතා කරනවා. නීතිපති දෙපාර්තමේන්තුවට කතා කිරීම ගැටලුවක් නොවෙයි. ඒත් අනුර කුමාර දිසානායක පවසන ආකාරයට ඇවන්ගාර්ඩ් සභාපතිවරයාගේ විදෙස් ගමන් බලපත්‍රය මුදා හැරියේ මම කී නිසා නොවෙයි. මම එසේ අධිකරණයට බලපෑමක් කළා නම් එය අධිකරණයට අපහාස කිරීමක්ද වෙනවා.
අනුර කුමාර දිසානායක මෙවැනි පදනමක් නොමැති චෝදනා කරන්නේ ආණ්ඩුවට ඇඟිල්ල දිගු කිරීමට යමක් නොමැති නිසයි. දේශපාලන කුහකත්වය නිසා තමයි මෙවැනි චෝදනා කරන්නේ. මේ චෝදනා බොරු බව මම ඔප්පු කිරීමට සූදානම්. මගේ මේ අභියෝගය තවම විවෘත බව අනුර කුමාර දිසානායකට ඔප්පුකර පෙන්වීමට සූදානම්.

 

 

 
wijedasa challengers anura kumara

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!