Avant Garde -බිස්නස් පාඩුවේ

avent
ඇවන්ට්ගාඩ් සිද්ධිය සමග ඇතිවූ අර්බුදකාරී වාතාවරණය හමුවේ තම සමාගමෙන් ආරක්ෂාව සැලසූ ජාත්‍යන්තර නෞකා 150 ක් ඉදිරියේදී ශ්‍රී ලංකාවෙන් ආරක්ෂාව ඉල්ලා නොසිටින බව තම සමාගමට දන්වා ඇතැයි ඇවන්ට්ගාඩ් ආරක්ෂක සමාගමේ වානිජ නෞකා ආරක්ෂක කළමනාකාර විශ්‍රාමික ලුතිනන් කර්නල් නිලන්ත ජයවීර මහතා පවසයි.

මේවන විට ඇවන්ට්ගාඩ් සතුව පැවති ආරක්ෂක අවි දක්ෂිණ නාවික ආඥාපතිවරයා විසින් ලබාගෙන ඇති බවත්, එයින් මෙතෙක් ආරක්ෂාව සැලසූ ජාත්‍යන්තර නෞකාවන්ට තවදුරටත් ආරක්ෂාව සැලසීමට නොහැකිවී ඇති බවත් ඔහු සඳහන් කළේය.

මෙම ක්‍රියාදාමය හිටි අඩියේ ඇණහිටීම හේතුවෙන් අද උදෑසන ජාත්‍යන්තර ‍වෙළඳ නෞකා 6ට නාවික ගමන් ප්‍රමාද කිරීමට සිදුව ඇති බවත්, එසේම ජාත්‍යන්තර මුහුදේ මසුන් අල්ලන නෞකා 2ට ආරක්ෂාව සැලසීසට නොහැකිවූ බවත් ඔහු පෙන්වා දුන්නේය.

මේවන විට විදේශ රටවල් 5ක ක්‍රියාත්මක වූ තම සමාගමේ කාර්යාල වසා දමා එහි කාර්යාල උපකරන විකුණා දමා කාර්ය මණ්ඩල සේවක/සේවිකාවන්ට ලංකාවට පැමිණෙන ලෙස දැනුම්දුන් බව නිලන්ත ජයවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අද දෙරණ  ආරක්ෂක අමාත්‍යාංශය කළ විමසීමකදී සඳහන් කළේ වාණිජ නෞකාවලට ආරක්ෂාව සැපයිමේ කාර්යය ශ්‍රී ලංකා නාවික හමුදාවට ලබාදිමත් සමග එම නෞකා  ආරක්ෂාව නොමැතිව ගමන් කිරිමට නොහැකිව ජාත්‍යන්තර මුදුදේ නවතා ඇති බවට ගෙන යන ප්‍රචාර අසත්‍ය බවයි.

ආරක්ෂ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ ඊයේ දිනය තුල නෞකා 37 කට ආසන්න ප්‍රමාණයකට අදාල ආරක්ෂාව ලබාදී ඇති බවයි.

නෞකාවලට ආරක්ෂාව සැපයිමේ කටයුතු නාවික හමුදාව මගින් කිසිදු ගැටළුවකින් තොරව සිදු කරන බව  ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් පරිදි ඇවන්ගාඩ් සමාගම සතු අවි ආයුධ ඊයේ දිනයේ ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබා ගනු ලැබුණි.

Around 150 foreign ships which had previously employed the services of Avant Garde Security Services have now informed the company that they would no longer seek protection from Sri Lanka as a result of the controversy surrounding establishment, an official said.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.