Bail-ශෂී වීරවංශ ඇප දීම කල් යයි

 

sdshi

 

 

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට ඇප ලබාදීමට ඇති හැකියාව සම්බන්ධයෙන් හෙට (27) සලකා බලන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය දැනුම් දී තිබේ.

ශෂී වීරවංශ මහත්මියගේ නීතිඥයන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා මේ බව දැනුම්දී ඇත.

ශෂි වීරවංශ මහත්මිය අසනීප තත්ත්වයෙන් පසුවීම හේතුවෙන් ඇයට ඇප ලබා දෙන ලෙස අදාළ මෝසමෙන් ඉල්ලා තිබුණි.

අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරල අවිධිමත් ආකාරයෙන් විදේශ ගමන් බලපත්‍ර ලබා ගත් බවට එල්ල වු චෝදනා මත පසුගිය ඉරිදා අත්අඩංගුවට ගත් ශෂී වීරවංශ මහත්මිය ලබන 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය ඊයේ නියෝග කරන ලදී.

 

sashi’s bail application postponed

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.