Baila:බජව් දාන කාමරේ

වර්ෂ 1978 දී ලාංකීය කැසට් විප්ලවයේ පුරෝගාමියා වූ විජේ රාමනායක විසින් තරංගා ලේබලය යටතේ මුල් වරට කැසට් පට 10 නිකුත් කෙරිණ. ඉන් එකක් වූයේ Nihal volume 02 කැසට් පටය යි. “මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ” ගීතය අන්තර්ගත වන්නේ එකී කැසට් පටය තුළයි.

හැත්තෑව දශකය අග භාගායේදී සමාජ, ආර්ථික, සංස්කෘතික සහ දේශපාලනික ව්‍යුහයන්ගේ පිබිදීම්, නැගිටීම්, නැගීම් – බැසීම්, මෙන්ම පුනරුප්පත්තීන් සහ සංස්කෘතික තලයේ ආධ්‍යාත්මික සුඛාස්වාදයන් අද මෙන් විකාර සහගත නොවුනත් නිරවුල්ව නිර්මලව පැවතුණි. (අදට සාපේක්ෂව) ගීත ඇසීම විඳීම පෞද්ගලිකව ද සාමුහීකව ද ප්‍රවණතාමය දිගුවක් තුළ සිදුවුණි.

බජව් සංගීතයත් බජව් කාමරත් මරදාන සහ ඒ අවට පුරා ව්‍යාප්ත වෙද්දී ඒහා බැඳුණු උප සංස්කෘතික තත්ත්වයක් නිරායාසයෙන් උත්පාදනය විය. මෙවැනි වූ බජව් කාමරයකට භෞතිකව අයිතිවාසිකම් ඇත්තෙකු සිටියි. ඔහු එය නිවැරදිව පරිපාලනය කිරීම සඳහා ආරෝපිත මෙන්ම සාධිත තත්ත්වයක් නිර්මාණය කර ගන්නා අතර නොඑසේනම් එවැනි වූ තත්ත්වයක් එළියෙන් ඔහුට පිරිනමයි.

අරක්කු බොන නිශේධනයෙන් පරිබාහිරව ගංජා සංස්කෘතියක් තුළ වින්දනය කේන්ද්‍රගත වීම සහ ශාස්ත්‍රීය තලයේ සිට රසවින්දන පරාසයන් නොයෙක් දිශානතියට විහිදිණ. මේ ගීතය හා සබැඳි ගැඹුරු කතිකාමය තත්ත්වය එයයි. අද මෙන් එදා දියුණු නොවුව ද (සමාවන්න අද ද දියුණු නැත. සමහරවිට එදාටත් වඩා අන්තය. නමුදු මේ වියමනට අනුව කෙසේ හෝ අපි එසේ සිතමු.) එදා සිට පැවතුණු මෙකී සැප නවාතැන්, ආතල් ස්පොට් හෙවත් අර හන්දියෙ අර අයියගෙ පොට් එක ලෙසින් හඳුන්වනු ලබන තැන් අදත් එසේම පවතී. වෙනසකට ඇත්තේ අද ඒ ඒ සථාන තුළ පාතාල ලෝකයට වැඩි ඉඩ අවකාශයක් නිරිමාණය වී තිබීමයි. නමුත් ගුණෙ අයියගෙ කාමරය ඊට වඩා හාත් පසින්ම වෙනස්ය.

ඔහු ජනතාවාදියෙකි.
දුකට සැපට මම එන්ටර් මගෙ නෑ බොරු පොත….

සියල්ල පිරිසිඳ දත්තෙකි.
ඔය කාගෙත් වතගෙත මගෙ ෆයිල් එකේ ඇත….

නිර්භීතකාමියෙකි.
පේස්ටු පේස් එනවා නම් වැඩ අතින් පයින්….

සංවේදී හදවතක් ඇත්තෙකි.
බ්ලේඩ් වලින් කැපෙන්නෙ නැහැ කෙනෙකුගෙ හොඳ හිත…

ආගන්තුක සත්කාර දත්තෙකි.
අගුල් දාල නැහැ දොරේ….

කාමරයට පැමිණෙන්නන් බොහෝ ය. නන් විධ මිනිසුන්ගේ විවිධත්වය තුළ ඇති ඒකමිතික භාවය ගුණේ අයියගෙ කාමරය හරහා වැටී ඇති පාරයි. ගුණෙ අයියගෙ කාමරයට දේශීය මෙන්ම විදේශීය ආගමන ද සිදු වී ඇත. ඔවුන් ද මේ නිරාමිස සුවය ලබා පිට වී ඇත. “බර පොරවල් ෆොරින් කකුල් එකට වැටීලා“..

ගුණේ අයියා නම් යථාර්ථමය තත්ත්වය හෝ උතෝපියානු වපසරියේ ආශ්චර්යය කෙබඳු ද? කෙනෙකුට මෙවැනි වූ සාමූහික රස වින්දනාත්මක මර්මස්ථානයකට වැදීම නේරංජනාවෙන් එතෙර වී ඇසතු බෝ රුක මුල නිරාමිස සුව ලැබුවාක් වැනි වූ ආධ්‍යාත්මක ගැඹුරක් විය හැක. නිහාල් නෙල්සන් විසින් ගීත රචක හේමසිරි හල්පිට කරළියට කැන්දාගෙන එනු ලබන්නේ මෙම ගීතයත් සමගිනි. මෙය හල්පිටගේ ප්‍රථම ගීතයයි. එසේම එවැනි සමාජමය තත්ත්වයකට වත්සුණු තැවරූ එදා ඒ සමාජයට කරළියක් හැදූ තවමත් පවතින ප්‍රථම හා එකම ගීතය මෙයයි.

[vsw id=”/d8yJiGWi2yo” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සොමියට වරෙන් පුතා
අගුල් දාලා නෑ දොරේ
අහපන් රියල් කතා
ගුණෙ අයියගෙ කාමරේ
හිටපන් සයිඩ් එකේ
වාඩි වෙලා සුමිතුරේ
මස්කට් පැණි බූන්දි
තියෙනව මගෙ කාමරේ

මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ

පච්ච සිරා ලා එතකොට කොච්චි එළා ලා
ගුස්පි රොබාලා එහි මෙහි සොමිය සොයාලා
සැප විඳලා මෂා වෙලා පීචං වීලා
කැපිල යන්නෙ සක්විති සුව මෙහෙන් වළඳලා

නළු මන්ට් ලා රිලි මන්ට් ලා කැමර කටා ලා
අලි වංශෙං වැඩ පෙන්නන සුපර් මෑන්ස් ලා
බර පොරවල් ෆොරින් කකුල් එකට වැටීලා
ටූ තව්සන් ත්‍රී තව්සන් යයි විසිකරලා

මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ

ටින්කිරි ටින් එකෙන් නැතිනම් ටොනික් ඩප්පියෙන්
පේස්ටු පේස් එනවා නම් වැඩ අතින් පයින්
සෙවල කිරල වැක්කෙරුවොත් තෙල් බීඩා ගමින්
වැලි ගල් කටු බොරු නෑ මගෙ වැඩ රාත්තලෙන්

කොත නං කොත කුරුස වලට මගෙ ළඟ නෑ ඉඩ
ඔය කාගෙත් වත ගොත මගෙ ෆයිල් එකේ ඇත
දුකට සැපට මම එන්ටර් මගෙ නෑ බොරු පොත
බ්ලේඩ් වලින් කැපෙන්නෙ නෑ කෙනෙකුගෙ හොඳ හිත

මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ

ගායනය- නිහාල් නෙල්සන්
තනු- නිහාල් නෙල්සන්
සංගීතය- ලාල් තේනබදු
රචනය- හේමසිරි හල්පිට

boondi

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.