Bonds:බැඳුම්කර වෙන්දේසිය උසාවියට-රනිල්ගේ කමිටුව ප්‍රශ්න කෙරේ

61833fbba6189a3a415b47d89bae5973_L
මහ බැංකු අධිපතිවරයා  භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී කටයුතු කල ආකාරය පිළිබඳව  අධිකරණයට පෙත්සමක් ගොනු කිරීමට සිවිල් සමාජ ක්‍රියාධරයින් පිරිසක් කටයුතු කොට ඇත.
මේ පිරිසට පළපුරුදු මුල්‍ය විශ්ලේෂකයින් පිරිසක් අයත් වෙති.
බැදුම්කර  පිලිබදව හොයා බැලීමට ආණ්ඩුව  පත් කළ  කමිටුව ඒ පිළිබඳව හොයා බැලීමට තරම් සුදුසුකම් නැති ගජ මිතුරු හවුලක් බව පෙන්වා දුන් වෙළෙඳ මන්ත්‍රණ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍ර ජයරත්නත් මේ පෙත්සම ගොනු කිරීමට දායක වී ඇත.
මදි කමක් නොවේ
මේ පිරිස උසාවියෙන් ඉල්ලා සිටින්නේ මේ විමර්ශනය සඳහා නිසි සුදුසුකම් ඇති පිරසක් පත් කරන ලෙසයි.අගමැතිවරයා කියා සිටින්නේ මේ පිරිසට නීතිය පිළිබඳව සුදුසුකම්
තිබේන බවයි.
මෙහිදී නැගෙන ප්‍රශ්නය නම් අහමතිවරයා මුරණ්ඩු ලෙස හැසිරෙන්නේ මන්ද යන්නයි.මේ බැඳුම්කර වෙන්දේසිය යනු ඉතා සංකීර්ණ ගනුදෙනුවකි.එවැනි අවස්ථාවක හොරකම් වළක්වාලීමේ අරමුණින් තමන්ට හිතවත් සිවිල් සමාජ ක්‍රියාකාරකයින් නගන හඬට සවන්දීම මදි කමක් නොවේ.
ඉදිරියේදී මෙවැනි වෙන්දේසි වඩාත් විනිවිද පෙනෙන ආකාරයකට කිරීමට අවශ්‍ය ක්‍රමවේදයක් සැකසීම සඳහා  මහ බැංකුවේ මුල්‍ය මණ්ඩලයට උපදෙස් දෙන ලෙසත් පෙත්සම්
කරුවන් ඉල්ලා සිටිති.
මහා  බැංකු  අධිපති අර්ජුනන් මහේන්ද්‍රන් නිවාඩු ගොස් සිටින අතර මේ පරීක්ෂණ කඩිනමින් කර ගෙන යන බවයි ආණ්ඩුව කියා සිටින්නේ.
treasury bonds issue in courts

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.