Central Bank: නව පරිපාලන යටතේ මුල්‍ය වංචාවක්

 

 

 

රජයට රුපියල් කෝටි 100ක ණය ලබාගැනීමේ අරමුණින් ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය පෙබරවාරි 27 වනදා පවත්වන ලද භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියේදී සිදුවූයේයැයි කියන විශාල මූල්‍ය වංචාවක් පිළිබඳව ආණ්දෝලනාත්මක තත්වයක් ඇතිව තිබේ.

එම රුපියල් කෝටි 100ය 30වසරක කල් පිරීමෙන් පසු බරතබන ලද 12.5%ක පොලියක් සමග ආපසු ගෙවීම යන මූලික කොන්දේසි මත ණය මුදල ලබාගන්නා බව නිවේදනය කර තිබිණ.

එහෙත් මෙම වෙන්දේසිය සඳහා ඉහළ සහභාගිත්වයක් ලැබීමෙන් රජය රුපියල් කෝටි 1,000ක ගේවා නිමකිරීමේ ණය මුදලක් ලබාගෙන ඇති බව හෙළි වේ. මෙම මුදල ලබාගෙන ඇත්තේ උපරිම පොලී බර තැබීම වූ 12.5% බැගින්ය. එහෙත් සාමාන්‍ය පොලී අනුපාතය 11.73%ක් වී තිබේ.මේ පිළිබඳව ආණ්ඩුව ප්‍රකාශයක් නිකුත් කරන බව හර්ෂ සිල්වා නියෝජ්‍ය අමය්හිවරයා ප්‍රකාශ කළේය.නව මහා බැංකු අධිපතිවරයා කියා සිටීයේ මෙය මීට පෙර මුල්‍ය දුෂණ වල යෙදුන පිරිස් පතුරුවා හල කට කතා බවයි.

මහ බැංකු අධිපතිගේ බැණා :

මෙම වෙන්දේසිය සඳහා ඉදිරිපත් වී විශාල පංගුවක් අත්කර ගැනීමට පර්පැචුවල් ටෙසරීස් කැපිටල් ප‍්‍රයිවට් ලිමිටඩ් (Perpetual Treasuries Capital (Private) Limited) සමාගම සමත්ව ඇති බව හෙළි වේ.

මෙම සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී අර්ජුන් ඇලෝසියස්, සිංගප්පූරුවේ පුරවැසි භාවය ලබා සිටින මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනා බව වාර්තා වේ.

ඔහුගේ සමාගම භාණ්ඩාගාර බැඳුම්කර ප‍්‍රාතමික අළෙවි නියෝජිතයෙකු වශයෙන් 2013 වසරේ මහ බැංකුවේ ලියාපදිංචි වී ඇති අතර පෙබරවාරි 27වෙනි දින පැවැත්වූ වෙන්දේසියේදී මෙම සමාගම ඉහළ ලාභයක් ලබාගත හැකි වන ලෙස රුපියල් කෝටි 1,000ක් දක්වා ඉහළ ණය මුදලක් ලබාගෙන තිබෙන බවට චෝදනා එල්ල වී තිබේ.

fraud ion central bank ?

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.