Central Bank-බැඳුම්කර ගැන හොයන්න පත් කල කමිටුව හරි නැහැ- චන්ද්‍ර ජයරත්න

b-2

මහ බැංකු බැදුම්කර වෙන්දේසියේදී දුෂණ සිදුවී ඇත්දැයි සෙවීමට  පත් කළ කමිටුවේ විශ්වනීයත්වය පිලිබන්දව ගැටළුවක් මතුවී ඇති බව වාණිජ  මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍ර ජයරත්න කියා සිටී.

මේ කමිටුවේ සාමාජිකයින් හට විමර්ශනයට අවශ්‍ය දැනුම සහ  කුසලතාවය නොමැති අතර ඔවුන් පවතින බල ව්‍යුහයන සමග ඉතා සමීප සබඳතා පවත්වන බව චන්ද්‍ර ජයරත්න පෙන්වා දෙයි.

මෙම කමිටුව සඳහා  ඔහු නිදර්ශන ලෙස විකල්ප සාමාජිකයින් හතර දෙනෙක් යෝජනා කරයි.

 

 

(1)නියෝජ්‍ය මහා  බැංකු අධිපති ඩබ්ලිව් ඒ විජේවර්ධන.

(2)භාණ්ඩගාර බිල්පත් ගනදෙනු සම්බන්ධයෙන් පළපුරුදු සිටි බැංකුවේ හිටපු කළමනාකරු සංජීව සේනානායක.

(3)වරලත් මුල්‍ය විශ්ලේෂකයෙක් වන මාලිංග අර්සකුලරත්න.

(4)සේවයේ නියුතු ගණකාධිකාරීවරයෙක් වන සුරේන් රාජකාර්

 

මේ අතරවාරේ චෝදනා එල්ලවී තිබෙන මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් තනතුරෙන් නිවාඩු ලබා මේ පරීක්ෂණ කටයුතු වලට සහයෝගය ලබා දිය යුතු බව ජයරත්න මහතා පෙන්වා දෙයි.

අගමැති රනිල් වික්‍රමසිංහ විසින් කමිටු සාමාජිකයින් ලෙස පත් කොට ඇත්තේ ගාමිණී පිටිපන,මහේෂ් කළුගම්පිටිය සහ චන්දිමාල් මෙන්ඩිස්ය.මේ කමිටුව පත් කල ආකාරය සහ බැඳුම්කර  වෙන්දේසියේ සිදුවීම් සම්බන්ධයෙන් ආණ්ඩුව කටයුතු කරන  ආකාරය හේතුවෙන් යහපාලනය විහිළුවක් වෙමින් පවතින බව චන්ද්‍ර ජයරත්න කියා සිටී.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.