China:වරාය බද නගරය අත්හිටුවීම ගැන ජාත්‍යන්තර අවධානය තියුණුයි

 

ශ්‍රී ලංකාවේ ආණ්ඩුව කොළඹ වරාය බද නගරයේ ඉදිකිරීම් අත්හිටුවීම උණුසුම් ජාත්‍යන්තර පුවතක් බවට පත්වෙමින් පවතී.

මීට‍ ප්‍රධාන හේතුව වන්නේ ලෝක ආර්ථික බලවතෙක් වන චීනය සමග කව්රුත්  සාමාන්‍යයෙන්   පැටලෙන්නේ නැති වීමයි.ඒ අර්ථයෙන් කොළඹ වරාය බද නගරයේ ඉදිකිරීම් අත්හිටුවීමට ගත තීරණය අසාමාන්‍ය එකකි.

මේ පිළිබඳව චීන විදේශ අමත්‍යංශ ප්‍රකාශිකා හුආ චුනින්ග් ගෙන් මේ පිළිබඳව විමසන ලදුව ඇය කියා සිටීයේ වරාය බද නගරය ගොඩනැගීම නතර කොට නැති බවත් මෙය හුදෙක් තාවකාලික අත්හිටුටවීමක් පමණක් වන බවත්ය.එසේම  චීන සමාගම්වල නීතිමය අයිතීන් වලට ශ්‍රිලංකාවේ ආණ්ඩුව ගරු කළයුතු යුතු බව ඇය පෙන්වා දුන්නාය.

සාමන්‍යයෙන් චීනය ඇමරිකාව මෙන් ලෝක පොලිස්කාරයා වීමට දඟලන්නේ නැතිවුනත් තමන්ගේ ආර්ථික වුවමනාවන් හා බැඳුනු රටවල් වල දේශපාලනයට අත පෙවීමට පසු බට වන්නේ නැත.තමන්ගේ නිෂ්පාදන වලට අමුද්‍රවය ලබා ගන්නා අප්‍රිකානු රටවල් රැසකම දේශපාලනය තමන්ට වාසිදායක ලෙස හසුරුවා ගැනීමට ගත් උත්සාහයන් වාර්තාවේ.හොඳම උදාහරණය වන්නේ දකුණු සුඩානයයි. දකුණු  සුඩානයෙන් තෙල් ලබා ගන්නා චීනය සුඩානය සහ දකුණු සුඩානය අතර ඇතිවූ අරගලය පසුපසින් සිටින්නේ යැයි විශ්වාශ කෙරේ.

 

රාජ්‍ය තන්ත්‍රික ලෝකය තුල චීනය සැලකෙන්නේ තරහා කරගත යුතු නැති රටක් ලෙසිනි.ඊට ප්‍රධාන හේතුව වන්නේ චීන ආණ්ඩුවට කිසිදු බාහිර හෝ අභ්‍යන්තර බලවේගයකට වග කියන්නේ නැතුව කටයුතු කිරීමේ හැකියාවක් තිබෙන බැවිනි.

මේ පුවත යාහු පුවත් අඩවියේ වාර්තා වූ විට අදහස් පලකළ බොහෝ දෙනා කියා සිටීයේ චීනය කරන ගනුදෙනු දුෂණයෙන් තෙම්පරාදු වී ඇති බවත් කොළඹ වාරය බද නගරයේ ගනුදෙනුවේ අග මුල හොයා ගැනීම හෝ ගනුදෙනුවෙන් බේරී යෑම පහසු  නොවන බවයි.කෙසේ වෙතත් මේ වාරාය බද නගර ගනුදෙනුව  ඉදිරි දින කීපය තුල උණුසුම් මාතෘකාවක් වනවාට සැක නැත.

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!