Code of conduct -ආචාරධර්ම පද්ධතිය පාර්ලිමේන්තුවට

downloadparliment

මහජන නියෝජිතයින් සඳහා ආචාරධර්ම පද්ධතියක් සැකසීමට ජාතික විධායක සභාව පසුගියදා තීරණය කර තිබූ අතර එම ආචාරධර්ම පද්ධතිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට එම විධායක සභාව ඊයේ (24) තීරණය කර තිබේ.

ව්‍යවස්ථා සංශෝධනය ඇතුළු රටට අවශ්‍ය තීන්දු තීරණ ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කරන ලද ජාතික විධායක සභාව ඊයේ (24) මෙසේ ජනාධිපති ‍ලේකම් කාර්යාලයේදී රැස් වී තිබුණි.

එහිදී තීන්දු තීරණ රැසක් ගෙන ඇති අතර ප්‍රධාන වශයෙන් සාකච්ඡා වී ඇත්තේ ජනාධිපති විධායක බලතල සංශෝධනය සහිත 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒම පිළිබඳවය. ඒ අනුව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය එළැඹෙන මාර්තු මාසයේදී පාර්ලිමේන්තුවට ගෙන ඒමට මෙහිදී තීරණය කර ඇත.

ඊට අමතරව තොරතුරු දැනගැනීමේ පනතද එළැඹෙන මාර්තු මාසයේ අගදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය වී තිබේ. මෙහිදී සාම්පූර් ප්‍රදේශයේ විශාල ඉඩම් ප්‍රමාණයක් පෞද්ගලික ආයතන හරහා මිලදී ගෙන ඇති නිසා ඒවා මුල් අයිතිකරුවන්ට ලබා දීමටද අවධානය යොමු කර තිබේ.

අතුරුදන්වූවන් සහ අතුරුදන් වූ මාධ්‍යවේදීන් පිළිබඳ සොයා බැලීම සඳහා වෙනම විමර්ශන ඒකකයක් ආරම්භ කිරීමටද මෙම හමුවේදී තීරණය කර ඇත.

ඊයේ (24) පැවැති මෙම රැස්වීමට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සහභාගි වී නැති අතර අනෙකුත් පක්ෂ නායකයින් වන ජනතා විමුක්ති පෙරමුණ, ජාතික හෙළ උරුමය, මුස්ලිම් කොංග්‍රසය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය හා පක්ෂ නායකයෝ එක්ව සිටියහ.

ජාතික විධායක සභාව යළි ලබන අඟහරුවාදා රැස්වීමට නියමිතය

ජාතික විධායක සභාවේ  තීන්දු රැසක් ගත් බව අනුර දිසානයක කියා සිටියේය.

[vsw id=”/SmoX3qRGEBQ” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.