Colombo: උප කුලපති අස්වෙන තුරු ඇදුරන් රැකවලේ

කොළඹ විශ්ව විද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සාමාජිකයින් විසින් එම විශ්වවිද්‍යාලයේ උපකුලපති කුමාර හිරිඹුරේගමට ඉවත්වන ලෙස බලකරමින් උපකුලපති කාර්යාලය හා ලේඛකාධිකාරී කාර්යාලය අත්පත් කරගෙන සිටින බව වාර්තාවේ.
ඒ අනුව උපකුලපතිවරයා විසින් ස්වකීය ඉල්ලා අස්වීම ලබාදෙන තුරු ආචාර්යවරුන් ඉවත්ව නොයාමට තීරණය කර ඇති බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා කියා සිටියේය.
මෙම විරෝධතා ක්‍රියා මාර්ගය පිළිබඳව මේවන විට උසස් අධ්‍යාපන,මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතාට මෙන්ම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට නිල වශයෙන් දැනුම් දුන් බවද දේවසිරි මහතා පැවසුවේ.
[vsw id=”/UWXPIv9Mgjo” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]
Colombo university teachers want vice chancellor to resign

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.