Constitution:අල්ලස් ඇමතිකම් වලින් පාලනය යහවේද ?

 

New_cabinet

 

 

යහපාලන දේශපාලනය තුල තීන්දු ගත යුත්තේ ප්‍රත්පති මතය.එහෙත් ජාතික ආණ්ඩුවක් මුවාවෙන් ඇමති  ධුර ලබාදී  ඊට හිලව්වට අණ පනත් වලට සහයෝගය ලබා ගන්නේ නම් එතැන සිදුවන්නේ අල්ලස් දීමකි.අල්ලස්  දීම මෙන්ම ගැනීමත් වැරදිය.එහෙත් එය අප රටේ ගැටළුවක් නොවන්නේ අප ඊට හුරු පුරුදු වී ඇති බැවිනි.

මහින්ද රාජපක්ෂ 2005 දී විපක්ෂයෙන් මන්ත්‍රීවරු අතිවිශාල ප්‍රමාණයක් ඇමැතිකම් හා වරප්‍රසාද ලබා දෙමින් ආණ්ඩුවට එක් කර ගතේය.සිරිසේන මහතා මහින්දටත් හපන් පගා කාරයෙක් බව පෙන්නුම් කරමින් මුළු විපක්ෂයම පාහේ  හෝල් සේල් පිටින් මිලදී ගෙන තිබේ.  මහින්දව පරයා සිරිසේන මහතා ඉදිරියට ගොස් තිබේ. මන්ත්‍රීවරු අතලොස්සක් හැර සමස්ථ විරුද්ධ පක්ෂයම තමන්ගේ අණසක යටතේ තබා ගැනීමට හැකිවී ඇත.

කෙසේ නමුත් දැන් ශක්තිමත් ආණ්ඩුවක් තිබේ. ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් කියන පරිදි සිග්නල්  කණු මෙන් අත උස්සන්නට සුදානම් බව   පිරිස දිව්රුම් දී  කියා සිටිති.

සිරිසේන මහතාගේ පැත්තෙන් බැළුවොත් -මම මොනවා කරන්නද,මම මෙහෙම නොකලා  නම් ව්‍යවස්ථා සංශෝධන කොහොම කරන්නදැයි -ඔහු අසනු ඇත.ඒ කියන කථාවෙත් ඇත්තක් ඇත. මේ ජරාජීර්ණ දේශපාලනයට පුරුදු වුවන්  දේශපාලනය තුල තීන්දු ගන්නේ  ප්‍රතිත්පති මත නොව තමන්ට ලැබෙන වරදාන මතය.ඒ  නිසා අවශ්‍ය වරදාන ලබාදී  අවශ්‍ය කාර්ය කරවා ගැනීම ජනධිපතිවරයාගේ අභිලාශය විය හැකිය.

පිං අගමැති

නව ඇමති ඩිලාන් පෙරේරා පසුගියදා කියා සිටියේ රනිල් වික්‍රමසිංහ පිං අගමැතිවරයෙක් බවයි දැන් මේ පිං අගමැතිවරයාගේ කැබිනට් මණ්ඩලයේ සේවය කරන ඇමතිවරු කවුරුන්ද යන ප්‍රශ්නය මතුවේ.

රට තුළ යහපාලනය ඇති කිරීම සඳහා සහයෝගය ලබා දීම් වස් අමාත්‍ය ධුර භාර ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ  මනාව පෙන්වා දී ඇත.

 

රටේ යහපාලනය ඇති කර පොදු ප්‍රතිපත්තියක් සකසා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ උන්වහන්සේ සියලු පක්ෂ එකතු වී ඒ සඳහා සහාය ලබා දීමේ වැදගත්කම පෙන්වා දුන්හ. එහෙත් අවසනාවකට මෙන් ඒ ස්ථාවරයේ සිට කටයුතු කරන කිසිම කෙනෙක් ගැන දැනගන්නට නැත.

 

ඇමතිකම් භාර දීම වෙනුවට පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට තරග කළ ජනපති මෛත්‍රිපාල සිරිසේන කළ යුතුව තිබුණේ පොදු ප්‍රතිපත්තියක් සඳහා පක්ෂ, ආගම්, ජාති භේද පසෙකලා සියලු දෙනාට එක් වන මෙන් ආරාධනා කිරීම යැයි පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ සඳහන් කරති.එහෙත් එවැනි ආරාධනාවක් අනුව සහයෝගය ලබා ගැනීම ප්‍රයොගිකද?
‘ජාතික ආණ්ඩුවක් කියන ඒකෙන් අදහස් කරන්නේ මේ හැමදෙනාම ඇමතිවරු බවට දිව්රුම් දීම නම් මට හිතා ගන්න බැහැ මොකක්ද මේ සිද්ධ වෙමින් පවතින්නේ කියලා’ උන්වහන්සේ පවසති. නමුත් ලංකාවේ ජාතික ආණ්ඩු යනු ‘හොරු ඔක්කොම එක රොත්තකට’ තබා ගන්නා ක්‍රමයක් මිස අන් කිසිවක් නොවේ.

එක්සත් ජාතික පක්ෂය. හෙළ උරුමය ,සහ  දෙමළ සංවිධාන මෙන්ම  ජනතා විමුක්ති පෙරමුණණේ  සහයෝගය ලබා ගත හැකිවුනත් ජනාධිපතිවරයාට තම පක්ෂයේ පුර්ණ සහයෝගය ලබා ගත නොහැකි වූ තැන එක්සත්  ජාතික පක්ෂය හා සම්මුතියෙන් මේ ඇමතිකම් වෙන්දේසිය සිදු කොට තිබේ.මෙය සදාචාරවත් ක්‍රියාවක් නොවුවත් මේ මගින් මහින්ද රාජපක්ෂ සහ ඔහු වටා බ්‍රමනය වන පිරිස් තාවකාලිකව පරාජය කොට තිබේ.එහෙත් මේ පිරිස දේශපාලනිකව පරාජය කිරීමට නම් මෙවන් උපායශීලී ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නොවන බව ජනධිපතිවරයා විසින් තේරුම් ගත යුතුව ඇත.

ජනතාව පිළිබඳව විශ්වාශය තබා ප්‍රතිපත්තිමය දේශපාලනයේ නිරත වීම එකම විසඳුමයි .කෙටි මාර්ග සෙවීම විනාශයට මුලයි.

would new ministerial portfolios resolve the crisis

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!