Constitution:ජනපති බලතල කප්පාදු කරන කෙටුම්පත එළි දකී

 

 

දින සීයේ පොරොන්දු  වලින් ප්‍රධානතම පොරොන්දුව වූ විධායක ජනාධිපතිකම අහෝසි කරන දහ නමවෙනි සංශෝධනයේ කෙටුම්පත් පිටපතක් මාධ්‍යයට ලැබී ඇත.

මේ  කෙටුම්පතට අනුව ජනාධිපතිවරයාගේ බලතල සැහෙන තරම් සීමා කොට ඇති අතර අගමැතිවරයාගේ  බලතල සහ පාර්ලිමේන්තුවේ බලතල වැඩි කොට ඇති අතර ස්වාධීන කොමිෂන් සභා ගණනාවක්ම ෆිටුවා ඇත. ප්‍රධාන බල  කේන්ද්‍රයක් වන්නේ ව්‍යවස්ථාදායක සභාවයි.මීට අමතරව රාජ්‍ය සභාවක් පිහිටුවනු ලැබේ.

මේ නව කෙටුම්පතට අනුව ජනාධිපතිවරයාට වැඩි වශයෙන් පැවරී ඇත්තේ සුපරීක්ෂණ බලතලයි.එහෙත් ජනාධිපති තනතුර නාමමාත්‍රික එකක් නොවේ.කෙසේ වෙතත් මෙය විධායක බලතල අහෝසි කරන යෝජනාවක්ද එසේත් නැතිනම් බලතල කප්පාදු කරන යෝජනාවක්ද යන්න පිළිබඳව විවාද ඇති විය හැකිය.

 

 

ජනාධිපතිවරයා 

ජනාධිපතිවරයාට ධුර කාල දෙකක් දැරිය හැකි අතර එක දුර කාලයක සීමාව අවුරුදු පහකි. මුලික වශයෙන්  ජාතික සංහිඳියාව, ආරක්ෂාව සහ යහ පාලනය ජනධිපතිවරයාගේ වගකීමයි. ජනාධිපතිවරයාට අවුරුදු හතරාමාරකින් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හරිය හැකිය. සාමන්‍ය බහුතරයකින් සම්මත වෙන පනත් වලට ජනාධිපතිවරයාගේ අනුමැතිය තිය ලබා ගත යුතුය. එසේ අනුමැතිය ලබා දීමට අකමැත්තේ නම් පනත  ආපසු සලකා බැලීම සඳහා පාර්ලිමේන්තුවට යැවිය හැකිය.එහෙත් පාර්ලිමේන්තුව සංශෝධන ඇතිව හෝ නැතිව පනත  යළිත් ජනාධිපතිවර්යා කරා එවුවහොත් ජනාධිපතිවරයා පනත අනුමත කල යුතුය.

 

පුරවැසියන්ට රාජ්‍ය පිළිබඳව නිදහසේ තොරතුරු මෙන්ම තමන්ගේ පුරවැසි අයිතිවාසිකම්  සනාථකර ගැනීම සඳහා තොරතුරු ලබා ගැනීම් අයිතිය සනාථ  කෙරේ.

ඇමති මණ්ඩලය තිස් දෙනෙකුට නොවදි විය යුතු අතර නියෝජ්‍ය සහ කැබිනට් ඇමතිවරුන්ගේ ගණන 40 නොඉක්මවිය යුතුය.

 

 

අගමැතිවරයා

 

ජනධිපතිවරයා නිතරම ක්‍රියාත්මක විය යුත්තේ අගමැතිවරයාගේ උපදෙස් මතය.

ව්‍යවස්ථාදායක සභාවක් පිහිටුවනු ලැබේ.අගමැති.විපක්ෂ නායක, ජනාධිපතිවරයාගේ නියෝජිතයෙක්,ජනාධිපති,අගමැති සහ විපක්ෂ නායක එක්ව පත් කරන පස් දෙනෙක් සහ

සුළුතර පක්ෂ වලින් පත් කරන එක අයෙක් පත් කරන අතර මෙහි සභාපති වන්නේ කතා නායක වරයායි.මේ සභාවට පත්වීම් නිර්දේශ කිරීම සහ ජනාධිපතිවරයාට උපදෙස් දීම අතින් පුළුල් බලතල ලැබේ.

 

ස්වාධීන  කොමිෂන් සභා

තිස් හය දෙනෙකුගෙන් සමන්විත රාජ්‍ය සභාවක් පිහිටුවනු ලැබේ.මෙහි දස දෙනෙක් කාන්තාවන් වනු ඇත.

 

මැතිවරණ, විගණනය, සැපයුම්,අල්ලස් සහ දුෂණ, අධිකරණය සහ රාජ්‍ය සේවා සඳහා ස්වාධීන  කොමිෂන් සභා පත් කෙරෙනු ඇත. මේ කොමීසම් වලට බඳවා ගත හැකි අයගේ සුදුසුකම් සහ ඔවුන්ගේ වගකීම් මෙන්ම ලැබෙන බලතල කෙටුම්පතේ දක්වා ඇත.රාජ්‍යයේ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම සහ අදීක්ෂණය කිරීම සඳහා  මේ කොමිෂන් සභා වලට පුළුල් බලතල හිමිවේ.

 

කෙටුම්පතේ ඉංග්‍රීසි පිටපතක් මෙතැනින්

new constitutional amendment strengthens parliament

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!