Corruption:ගෝථා පෙරහැරක මුල

dowgooood

‘ඇවන්ට් ගාර්ඩ්’ අවි සමාගම සම්බන්ධ ක්‍රියාකාරකම් පමණක් නොව ‘ලංකා හොස්පිටල් සමාගම’ ඇතුළු තවත් ආයතන කීපයකම ගනුදෙනු වලදී හිටපු ආරක්ෂක ලේකම්වරයා බලය අයුතු ලෙස පාවිච්චි කර ඇති බවට කරුණු හෙළි වී ඇති බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍යය ඇමති රාජිත සේනාරත්න පවසයි.

ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපති සෝමතිලක දිසානායක ඇතුළු සිව් දෙනකුට එරෙහිව විදේශ සංචාර තහංචියක් පනවා ඇත.

හිටපු ආරක්ෂක ලේකම්වරය තමන්ගේ බලය අයුතු ලෙස භාවිතා කිරීම පිළිබඳව කාලාන්තරයක් තිස්සේ චෝදනා නැගී ඇති අතර ඔහු ගේ පරිවාරයේ සිටි පිරිස් මහා පරිමාණ දුෂනයේ යෙදුන බව චෝදනා නැගී තිබුනි.

 

 

 

 

 

ගිණුම් කටයුතු භාර නිලධරයා

පාර්ලිමේන්තුවේ අනුමතිය නොමැතිව හිටපු ආරක්ෂක ලේකම්වරයා නමින් ගිණුමක් පවත්වා ගෙන යමින් රජයට ලැබුණු මුදල් තැන්පත් කොට ඇත්නම් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව හිටපු විගණකාධිපතිවරයකු වන එස්.සී.මායාදුන්න පෙන්වා දී  ඇත.

අමාත්‍යාන්ශයක ගිණුම් කටයුතු භාර නිලධරයා වන්නේ ලේකම්වරයාය ඒ අනුව ආරක්ෂක අමාතංශයේ යම් අක්‍රමිකතා සිදුවී ඇත්නම් ලේකම්වරයා වගකිවයුතු වෙයි.මේ දුෂණ ජනාධිපති කොමිසම මගින් දැඩිව හොයා බැලීමට ඉඩ ඇත.

දකුණේ සිදුවූ අතුරුදහන් සහ ප්‍රහාර සම්බන්ධයෙන්ද  හිටපු ආරක්ෂක ලේකම්වරයාට චෝදනා ඉදිරිපත් වී ඇත.මේ අනුව බලන විට ගමන් බලපත්‍ර තහනම යනු දිහා පෙරහැරක මුල

විය හැකිය.

‘ඇවන්ට් ගාර්ඩ්’  සහ රක්නා ලංකා සමාගම පිහිටුවීම සහ එය ක්‍රියාත්මක වූ ආකාරය සම්බන්ධයෙන් ප්‍රශ්න මතුවී ඇති අතර ඒ පිළිබඳවත් චෝදනා ගොනු වීමට ඉඩ ඇත.හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ හිටපු නාවික හමුදාපතිවරයාට අමතරව ‘රක්නා ආරක්ෂක ලංකා’ පෞද්ගලික සමාගමේ අධ්‍යක්‍ෂ මේජර් ජනරාල් කේ.බී.එගොඩවෙල සහ ‘ඇවන්ට් ගාර්ඩ්’ ආරක්ෂක සමාගමේ කළමණාකරන අධ්‍යක්‍ෂ මංජුල යාපාටත් ඉහත කී විදේශ සංචාර තහංචිය බල පැවැත්වෙයි.

ගමන් බලපත්‍ර තහනමට  සමාන්තරව හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුව නිර්දේශ කළත් එසේ නොකරන්නැයි රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇති බව මාධ්‍ය වාර්තා පළවේ ඇත. වැඩිදුර  කරුණු හොයා බැලීමෙන් අනතුරුව ඉදිරි පියවර ගත යුතු බවයි අගමැතිවරය පවසා ඇත්තේ. කෙසේ වෙතත් රාජපක්ෂවරුන් සම්බන්ධව පියවර ගතයුතු ආකාරය සම්බන්ධයෙන් ආණ්ඩුව තුල ඒකමතික අදහසක් නැත.

 

the passport of Gothabhaya Rajapaksha impounded and corruption chargers may follow.

 

 

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!