Cricket:මහේල-සංගා එක් දින තරඟ වලින් සමු ගනි

 

සංගා හා මහේල එක්දින පිති විශ්‍රාමයවයි !

 

 

ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි ක්‍රීඩකයින් දෙදෙනෙකු හා ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයින් වන කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන අද (18) එක්දින පිටියට සමුදුන්හ.

ඒ අනුව සංගා හා මහේල ජාත්‍යන්තර එක්දින හා පන්දුවාර විස්සයි – 20 පිටියේදී ශ්‍රී ලංකා හා ලෝක ක්‍රීඩා ප්‍රේක්ෂකයන්ට මින් මතුවට දැකගැනීමට අවස්ථාව නොලැබෙනු ඇත.

නමුත් සංගා ටෙස්ට් පිටියේ තවත් තරග කිහිපයක් පමණක් ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කිරීමට නියිමිතය.

කෙසේවුවද මහේල නම් මේවන විට ටෙස්ට් පිටියෙන්ද සමුගෙන තිබේ.

තරගාවලියට පිටත්වීමට මත්තෙන් සංගා හා මහේල සඳහන් කළේ මෙය තමන්ගේ අවසන් එක්දින තරගාවලිය වෙනු ඇති බවය.

කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා පිටියෙන් සමුගන්නේ සිය දිවියේ ක්‍රීඩා දිවියේ උපරිම අදියරක සිටිද්දී වීම විශේෂ සිද්ධියකි.

 

සචින් තෙන්ඩුල්කාර් ගෙන් සුබපැතුමක්

 

 

 

 

“කුමාර සංගක්කාර සහ මහේල ජයවර්ධන යනු වසර ගණනාවක් පුර එක්දින ක්‍රිකට් ඉතිහාසයේ අත්‍යවශ්‍ය සාධකයක් සේම කීර්තිමත් වෘත්තීයද ජීවිතයක් සහිත දෙදෙනෙකි. ඔබ දෙදෙනා නොමැති තරඟයක් ගැන සිතීමටත් අපහසුයි. ඉතසිතින් සුබ පතන අතර තරඟයකදී ඒ වර්ණවත් ඇඳුම් අතර ඔබ දෙදෙනා නොමැති වීම මහත් අඩුපාඩුවක් වනු ඇත.”

 

 

mahela and sanga bid goodbye to one day cricket

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!