Cricket:ලෝක කුසලානය කැන්ගරුවන්ට

 

 

Australia v New Zealand - 2015 ICC Cricket World Cup: Final

 

නවසීලන්තයේ බලාපොරොත්තු සුන් කරමින් 5 වන වරට ත් ලෝක ක්‍රිකට් කිරුළ දිනා ගැනීමට ඔස්ට්‍රේලියාව අද සමත් විය.

ඒ, මෙල්බන්හිදී අද පැවති තරගයෙන් නවසීලන්තයට එරෙහිව කඩුලු 7ක ජයක් වාර්තා කිරීමත් සමගිනි.

මීට පෙර 1987, 1999, 2003 සහ 2007 යන වර්ෂවලදී ඔස්ට්‍රේලියාව ලෝක කුසලානය ජයග්‍රහණය කර තිබීම විශේෂත්වයකි.

අද තරගයෙන් පසු ඔස්ට්‍රේලියා නායක මයිකල් ක්ලාක් එක්දින ක්‍රිකට් පිටියෙන් සමු ගත්තේය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින් පන්දුවාර 45කදී ලකුණු 183කට දැවි ගියහ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාවට පන්දුවාර 33යි පන්දු 1කදී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 186ක් ලබා ගනිමින් ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට සමත් විය.

මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය හිමි කරගත් නවසීලන්තය ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.

නවසීලන්ත ඉනිමේ පළමු කඩුල්ල පළමු පන්දු වාරයේදීම දැවී ගියේය.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඔස්ට්‍රේලියානු පන්දු යවන්නෝ මෙල්බර්න් පිටිය තුළදී අද සිය අණසක පැතිර වීමට සමත් වූහ.

හුදකලා සටනක නිරත වූ ග්‍රාන්ට් එලියට් ලකුණු 80ක් ලබා ගත්තේය.

බ්‍රෙන්ඩන් ටේලර් ලබාගත් ලකුණු ගණන 40කි.

නවසීලන්ත ඉනිමේ කඩුලු 6ක් ලකුණු 151කදී දැවී ගියේය.

නවසීලන්ත පිතිකරුවන් පස් දෙනෙකුටම ලකුණු ලබා ගැනිමට නොහැකි වීම විශේෂත්වයකි.

මිචෙල් ජොන්සන් සහ ජේම්ස් ෆැන්ක්ලර් අතර කඩුලු 3 බැගින් දවා ගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියා ඉනිමේ පළමු කඩුල්ල මුළු ලකුණු 2දී දැවී ගියේය.

ඩේවිඩ් වෝර්නර් ලකුණු 45ක් ලබා ගත්තේය.

සිය අවසන් එක්දින ඉනිම ක්‍රීඩා කළ මයිකල් ක්ලාක් ලකුණු 74ක් ලබා ගැනීමට සමත් විය.

ස්ටීවන් ස්මිත් නොදැවී ලකුණු 56ක් ලබා ගත්තේය.

මැට් හෙන්රි කඩුලු 2ක් ලබා ගැනීමට සමත් විය.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ වීරයා සම්මානය ඔස්ට්‍රේලියාවේ මිචෙල් ස්ටාක්ට හිමිවිය.

අවසන් මහා තරගයේ වීරයා සම්මානය ජේම්ස් ෆොල්ක්නර්ට හිමිවිය.

Cricket world cup to Australia

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.