CSN නාලිකාවේ බලපත‍්‍රය අහෝසියි………….අළුතින් ලැබෙන්නේ කාටද ?

csn-tvCSN රූපවාහිනී නාලිකාවේ බලපත‍්‍රය අහෝසි කොට ඇති බව ජනමාධ්‍ය අමාත්‍යාංශය කියා සිටියි. රාජපක්ෂවරුන්ට සමීප සම්බන්ධයක් සහිතව පවත්වාගෙන ගිය බව කියන මෙම නාලිකාව බලපත‍්‍රයේ අඩංගු කොන්දේසි උල්ලංඝනය කොට ඇති හෙයින් මේ පියවර ගත් බවයි ජනමාධ්‍ය අමාත්‍යාංශය කියා සිටින්නේ. මීලඟට මතුවන ප‍්‍රශ්නය වන්නේ මෙම නාලිකාව භාවිතා කල ගුවන් සංඛ්‍යාත පරාසය(frequency spectrum) ලබා දෙන්නේ කාටද යන්නයි. විජය ප‍්‍රවෘත්ති සමාගම විසින් නව රූපවාහිනී මාධ්‍යයක් ආරම්භ කිරීම සඳහා මේ අවස්ථාවේ දැඩි උත්සාහයක් දරණ අතර සංඛ්‍යාත පරාස නොමැති වීම හේතුවෙන් එම කි‍්‍රයාමාර්ගය පිළිබඳ ගැටලූ මතුවී ඇති බවයි වාර්තා වන්නේ. සංඛ්‍යාත පරාස වෙන් කරන්නේ විදුලි සංදේශන නියාමන අධිකාරියයි. විදුලි සංදේශන නියාමන අධිකාරිය සෘජුවම ජනාධිපතිවරයාගේ අධික්ෂණයට ලක්වේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.