Death:පරිප්පු ගොඩට යටවූ තරුණයාගේ සිරුර ගොඩ ගන්නා වීඩියෝව

 

කැලණිය, පට්ටිවිල පරිප්පු නිෂ්පාදන කර්මාන්ත ශාලාවක පරිප්පු ගබඩාකර තිබූ ටැංකියක් වැනි ගබඩාවකට පෙරේදා රාත්‍රී 8.00ට පමණ හානි වී ඇති අතර කර්මාන්ත ශාලා සේවකයින් පැවසුවේ, ආනයනික බහාලුම් 70ක පමණ අඩංගු පරිප්පු එක් ටැංකියක ගබඩා කරන බව ය.

හානි වූ ටැංකිය කඩා වැටීමෙන් අදාළ පුද්ගලයා එහි තිබූ පරිප්පුවලට යට වී තිබේ.

පෙරේදා රාත්‍රීයේ සිට ඔහු සොයා යුධ හමුදාවේ ඉංජිනේරු බලකාය මෙහෙයුම් ක්‍රියාත්මක කළ අතර අද උදෑසන 5.00ට පමණ ඔහුගේ සිරුර සොයා ගත්තේ ය.

එලෙස මිය ගියේ, මොණරාගල, ඇති‍මලේ ප්‍රදේශයේ පදිංචිව සිටි 24 හැවිරිදි උදාර හර්ෂක තිලකරත්න නමැති පුද්ගලයෙකි.

 

 

 

 

[vsw id=”/1wyCf3yFeXA” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.