Defence:ආරක්ෂක මුලස්ථාන ගොඩනැගිල්ලට තිත -රවී

පසුගිය පාලන සමයේදී ඉදිකිරීම් ආරම්භ කළ ආරක්ෂක මුලස්ථාන ගොඩනැගිල්ල ඉදිකිරීම අත් හි‍ටුවීමට අණ්ඩුවට සිදුව ඇතැයි මුදල් ඇමැති රවී කරුණානායක මහතා පවසයි. අද(16) කොළඹ පැවැති ජන හමුවකදී ඔහු මේ බව පැවැසීය.

ඔහු ප්‍රකාශ කළේ කැබිනට් අනුමැතියකින් හෝ නිසි පරිදි ටෙන්ඩර කැඳවීමSecretary_Defence_inspectsකින් හෝ තොරව රුපියල් කෝටි 5000ක පමණ මුදලක් වැය කරමින් ඇමරිකාවේ ආරක්ෂක මුලස්ථානය වන පෙන්ටගනයටත් වඩා විශාල ගොඩනැගිල්ලක් ඉදිකිරීම වැරදි සහගත බවය. ඔහු රවී කරුණානායක මහතාගේ අදහස වූයේ ජනතාගේ නිවාස ප්‍රශ්න යටිතල පහසුකම් සපුරාලීම වඩා වැදගත් බවය.

එහෙත් පසුගියදා මෙම ඉදිකිරීම නිරීක්ෂණය කළ රාජ්‍ය ආරක්ෂක ඇමැති රුවන් විජේවර්ධන මහතා ඒ කටයුතු ගැන පසසා තිබුණි.

කෙසේ නමුත් පසු ගිය කාලයේ වාර්තා වූයේ ගාලුමුවදොර පිහිටි යුදහමුදා මුලස්ථානය පිහිටි ඉඩම විදේශීය හෝටල් සඳහා විකුණා දමා ලබා ගත් කෝටි 2000 පමණ මුදලක් මෙම පැලවත්ත අකුරේගොඩ ආරක්ෂක හමුදා මුලස්ථාන ය ඉදිකිරීම වෙනුවෙන් යොදා ගෙන ඇති බවය.

එම මුදල් ඒකාබද්ධ අරමුදලට ලබා නොදී ආරක්ෂක ලේකම්වරයාගේ ගිණුමක තැන්පත් කිරීම ගැනද ආන්දෝලනයක් ඇතිවිය. එම ගිණුමේ තිබු කෝටි 720 ක මුදලක් මෙම ආරක්ෂක මුලස්ථානයේ ඉදිකිරීම සඳහා යොදා ගැනිමට නියමිතව තිබු බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පිළිගෙන තිබිණි.

රජයේ දේපලක් විකිණීමෙන් ලැබෙන මුදල් ඒකාබද්ධ අරමුදලෙන් පිටත රඳවා තැබීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වගන්තිය අනුව නීති විරෝධී වන අතර රාජ්‍ය මුදල් පාලනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව සතුවන බලය අහිමි කිරීමක්ද වේ.

 

 

defence headquarters building work to be halted

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!