Derana-Sirasa-ගැටුම

 

1927071969main2 (1)

 

කොළඹ, කොටුව එචලොන් චතුරශ්‍රය ප්‍රදේශයේ පිහිටි ඉඩමේ හිමිකාරිත්වය සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානය සතු නොවන බව නාගරික සංවර්ධන අධිකාරිය කියයි.

එහි සභාපති රංජිත් ප්‍රනාන්දු මහතා පැවසුවේ මෙම ඉඩමේ අයිතිය සම්බන්ධයෙන් මත භේදාත්මක තත්ත්වයක් මතුව ඇති බවයි.

‍එහෙත් එම ඉඩමේ අයිතිය අදාළ සමාගම සතු බවට නාගරික සංවර්ධන අධිකාරිය විසින් පිළිගෙන නැතැයි ඒ මහතා කියයි.

අදාළ ඉඩමේ අයිතිය මහරාජා ආයතනය සතු බවට නාගරික සංවර්ධන අධිකාරිය විසින් පිළිගෙන ඇති බවට පළවන වාර්තා ගැන කළ විමසීමකදී සභාපතිවරයා මේ බව පැවසීය.

ඔහු කියා සිටියේ එකී ඉඩම සම්බන්ධ ලියකියවිලි වලට අනූව එහි හිමිකාරිත්වය අදාළ සමාගමට අයත් බවට තහවුරු නොවන බවයි.

ඒ අනූව එම ඉඩමේ අයිතිය නාගරික සංවර්ධන අධිකාරිය විසින් පිළිගත් බවට පළ වන ප්‍රකාශය සම්පූර්ණ අසත්‍ය බවද ඒ මහතා අවාධාරණය කළේය.

කොළඹ, කොටුව එචිලන් චතුරශ්‍රය ප්‍රදේශයේ පිහිටි ඉඩමක් පසුගියදා කිසියම් පිරිසක් විසින් අත්පත් කර ගැනීමට යාමේදී ගැටුමක් හටගත් බව වාර්තා විය.

එම සිද්ධියට අදාළව පොලිසිය ද මැදිහත් වූ අතර ඒ අනූව නාගරික සංවර්ධන අධිකාරිය හා සාකච්ඡා කර අදාළ ගැටලුව විසඳාගන්නා ලෙසට දැනුම්දී පොලීසිය එම අවස්ථාවේදී ඇති වූ තත්ත්වය පාලනය කිරීමට සමත් විය.

 

මේ පුවත වාර්තා කිරීමේදී ඇතිවූ ගැටුම පිළිබඳව සිරස වාර්තා කළ ආකාරය

 

දෙරණ නාලිකාවේ සේවකයින් විසින් සිර කර ගනු ලැබ සිටි නිව්ස්ෆස්ට් මාධ්‍යවේදීන් පිරිස මීට සුළු වේලාවකට පෙර පොලීසිය මැදිහත් වී බේරා ගනු ලැබිණ.

අප මාධ්‍යවේදීන් අද පස්වරුවේ දෙරණ නාලිකා පරිශ්‍රයට ගියේ, ප්‍රවෘත්ති සම්බන්ධයෙන් ඔවුන්ගේ ප්‍රතිචාර ලබා ගැනීම සඳහා ය.

දෙරණ නාලිකාවට ඒ සඳහා සාධාරණ අවස්ථාවක් ලබා දීම අප අරමුණ විය.

අවස්ථා කිහිපයකදී දෙරණ ප්‍රවෘත්ති අංශයේ ශෙහාන් බරණගේ දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සහ කළ ද ඊට ඔහු ප්‍රතිචාර නොදැක්වීය.

ඒ අනුව ඔවුන්ගේ ප්‍රතිචාර විමසීමට අපි දෙරණ නාලිකාවට ගියෙමු.

එම අවස්ථාවේ දෙරණ සේවකයින් විසින් අප මාධ්‍යවේදීන් සිරකර ගනු ලැබ ඇති අතර නිව්ස්ෆස්ට් කණ්ඩායමේ කැමරා උපකරණ පැහැරගෙන තිබේ.

මේ පුවත දෙරණ වාර්තා කල ආකාරය

 

[vsw id=”/ml44E03UnnI” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

 

 

 


 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.