Destiny:ගෝඨාභයට ඇමරිකාවේ විදුලි පුටුව-මෙහෙ?

gotaqjk තමන්ට ඇමෙරිකා  පුරවැසිකම ඇති නිසා  ඇමෙරිකාවට ගොස් ජීවත් වීමේ හැකියාව  තිබුණද ඇමෙරිකාවට ගියොත්  ඉන්නට සිදු වන්නේ විදුලි පුටුවේ  යැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය  රාජපක්ෂ මහතා දෙරණ රූපවාහිනීයේ 360 වැඩසටහනට සහභාගී වෙමින් කීවේය.අනෙක් අතට දැනට පවතින තත්වය හමුවේඅත් අඩංගුවට පත් වුනහොත් ඊට මුහුණ දීමට සිදුවන බව කියා සිටියේය.

වැඩසටහන මෙහෙයවු  සංඛ අමරජිත් ගේ ප්‍රශ්නයකට  පිළිතුරු දෙමින් තමන් ශ්‍රී ලංකාවේද පුරවැසියකු බවත්  කොටි ත්‍රස්තවාදය විනාශ කර යුද්ධය අවසන් කිරීම නිසා  ඇමෙරිකාවට හෝ වෙනත් රටකට තමන් පැමිණෙන තෙක්  විදේශ රටවල සිටින ත්‍රස්තවාදීන් බලා සිටින බවත්  කීය.

මහා පරිමාණ  මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු වු ‘වෙලේ සුදා‘ ඇල්ලුවේ  තමාගේ කාලයේ බවත් ජනාධිපතිවරණය පැවැත්වෙද්දී  ඔහු පකිස්ථානයේදී  ආරක්ෂක බලධාරීන් විසින් අත්අඩංගුවට  ගත් බව තමන්ට දැනුම් දුන් බව කී ආරක්ෂක ලේකම් වරයා ඒ පිළිබඳ හුවමාරුවු ලියකියවිලි  ආරක්ෂක අංශ භාරයේ  ඇති බවත් කීය.කෙසේ වෙතත් දුමින්ද සිල්වා ගේ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට ආරක්ෂක බලධාරීන් අසමත් වූ බවට නැගෙන චෝදනා පිළිබඳව කථා බහක් ඇතිවුනේ නැත.

ජනාධිපතිවරණ සමයේ අත්ඩංගුවට පත්ව සිටි වෙලේ සුදා ශ්‍රී ලංකාවට ගෙන ඒමට නොහැකි වු බවත් ඔහු අල්ලා ගැනීමට පකිස්තානය ,ඩුබායි  යන රටවල් හා එක්වතමන් බරපතල ක්‍රියාදාමයක් දියත් කළ බව රාජපක්ෂ මහතා කීය.

වත්කම් බැරකම් 

2005දි තමන් ආරක්ෂක ලේකම් ධුරයට පත් වු දිනයේ සිට  ඉන් නික්ම යන තෙක්ම  වාර්ෂිකව තමන්ගේ වත්කම් බැරකම්  ප්‍රකාශන නිවැරදිව ජනාධිපති ලේකම්වරයාට භාරදී ඇති බවත් ඒවා සසඳා බලන ලෙස චෝදනා  කරන උදවියගෙන් ඉල්ලා සිටින බවත්  හේ පැවසීය.

අයථා ලෙස උපයාගත් මුදලක් හෝ දේපළක් ලංකාවේ  හෝ විදේශ රටක ඇත්නම් ඒවා පහසුවෙන් සොයාගත හැකි බවත් රාජපක්ෂ මහතා වර්තමානය වන විට තමන් ඇති කළ ව්‍යාපෘති වල අද තත්ත්වය දකින විට තමන්ට  කණගාටුවක් ඇති වන බව කීවේය.

ගාලු වරායේ පාවෙන අවි ගබඩාව ගැන සඳහන් කළ ගෝඨාභය රජපක්ෂ මහතා එය ලංකාවේ සාර්ථක ව්‍යාපාරයක් බවත් රට සල්ලි උපයා ලබා  ගත හැකි  මට්ටමට වර්ධනය කළ බවත් මෙම පාවෙන අවි ගබඩාව ගැන බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා පවා  තමන් සමඟ ධනාත්මක ලෙස සාකච්ඡා කළ බවත් කීය.

 

[vsw id=”/TPYsuozkCos” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

එය සෝමාලියා මුහුදු කොල්ලකරුවන්ගේ තර්ජනයට මුහුණදීම සඳහා  ඇති කළ බවද වාණිජ්‍ය නැව් වලට ආරක්ෂාව සපයන පෞද්ගලික සී මාර්ෂල්වරුන් ගාලු වරායේදී ගොඩ බැස ඔවුන්  අවි ආයුධ නැවට භාර දීමෙන් ලංකාවටම රට සල්ලි ලැබෙන බවත් පාවෙන අවි ගබඩාව ලෙස  අවි ගබඩාව හැදින්වීමෙන් වැරැදි   තේරුමක් ලැබෙන බවත් ඔහු කීවේය.

මේ සඳහා නාවික හමුදාව යොදා නොගත්තේ ඇයි දැයි  ඇසු ප්‍රශ්නයට පිළිතුරු දුන් රාජපක්ෂ මහතා වෙළෙද නැව් වලට ආරක්ෂාව සැපැයීම සඳහා  නාවික හමුදාව යොදා ගැනීම ලෝකයේ කිසිම රටක  සිදු නොකරන බවත්  එවැනි ආරක්ෂාවක්  ලබා දුන් විට එය වෙළෙද නෞකාවක්  නොව යුද නෞකාවක් බවට පත්වෙන බවත් සඳහන් කළේය.මේ සඳහා එක සමාගමක් තෝරා  ගත්තේ කෙසේද යන ප්‍රශ්නය මතු වූ නමුත් ඊට පැහැදිලි පිළිතුරක් ලැබුනේ නැත.

හයේ පහරවල්

මුස්ලිම් ජනතාවට හිරිහැර වන ලෙසින්බොදු බල සේනාවට දුන් සහය ගැන විමසු විට හිටපු ආරක්ෂක ලේකම්වරයා කියා සිටීයේ තමන් එවැන්නක් නොකළ බවයි. එය එසේ නොවන බව කියා සිටීමට අපමණක් සාධක තිබුනත් ඒවා එකක් වත් ඉදිරිපත් නොවීය.

දකුණේ සුදු වෑන් එහා මෙහා යන විට ආරක්ෂක ලේකම් වරයා කුමක් කළේද යන ප්‍රශ්නය මතු නොවූ හෙයින්  ගෝඨා අහිංසක බෝ පැලයක්ම විය.

 

සමස්තයක් ලෙසින් හිටපු ආරක්ෂක ලේකම් වරයා වෙත ලැබුනේ ෆුල්ටොස් පන්දුය. ඔහු සිත්සේ හතරේ සහ හයේ පහරවල් කීපයක් එල්ල කළේය

Destiny of Gothabaya Rajapaksha..

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.