Diplomat:ෂෙනුකා තවමත් වරදිකාරියක් නොවේ-නි-විදේශ ඇමති

 

ajithppp

 

දේශපාලන පත්වීම් ලබා සිටි පිරිස් යළි කැඳවූ පරිද්දෙන් ම ෂෙනුකා සෙනවිරත්න මහත්මිය යළි කැඳවීම අපහසු බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ අජිත් පී. පෙරේරා මහතා පවසයි.

 

අද පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, ඇය රජයේ සේවයේ ස්ථිර නිලධාරිනියක බැවින් එලෙස යළි කැඳවිය නොහැකි බව ය.

ෂෙණුකා සෙනෙවිරත්න මැතිණිය විදේශ සේවයේ ෆොරින් සර්විස් කියන රජයේ සේවයේ ස්ථිර නිලධාරිනියක්. එතුමිය‍ මේ අමාත්‍යාංශයේ හිටපු ලේකම්තුමිය. එතුමිය සම්බන්ධව ඒ කියන්නෙ අර දේශපාලන පත්වීම් ලබපු අයව ආපසු කැඳවන අකාරයට එක ලියුමකින් මේ සියල්ල අවසන් කරන්න බැහැ.

ෂෙනුකා සෙනවිරත්නට එරෙහිව නැගෙන  චෝදනා  සහ දේශපාලන පක්ෂවලින් එල්ලවෙන විරෝධය ආණ්ඩුවේ අවධානයට ලක්ව ඇති බව ද ඔහු පැවසී ය.

මෙහිදී  චෝදනා එල්ල වී තිබුණ ද ඇය මේ වන තෙක් ඇය වැරදිකාරියක වී නොමැති බව ඔහු පැවසී ය.

මෙහිදී යටපත් වූ  වූ ප්‍රශ්ණය වන්නේ විනය පරීක්ෂණයක් පවතින අවස්ථාවකදී ඇය පත් කළේ මන්ද යන්නයි.

 

[vsw id=”/o8CVswvhLqk” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

diplomat kshunuka is still innocent

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.