Disappearance:අතුරුදහන් වුවන් වෙනුවට එළුවන් දෙන කොමිසම ගැන විශ්වාසයක් නැහැ

sumanthiran (1)

අතුරුදහන් වූවන් පිළිබඳ කොමිසම විසින් අතුරුදහන් වූවන් සොයා දෙනවා වෙනුවට එම මාපියන්ට කුකුලන් සහ එළුවන් ලබා දීමට පොරොන්දු වී ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්දිරම් මහතා පවසයි.

කොමිසම හමුවේ සාක්ෂි දීමට පැමිණි අතුරුදහන් වූවන් ඥාතීන් හා මාපියන් හමුවේ මෙසේ එම කොමිසමේ නිළධාරීන් විසින් පැවැසීමේදී අපට කුකුලන්ගෙන් එළුවන්ගෙන් වැඩක් නැතැයි අපට අපේ දැරුවන් සොයා දෙන්නැයි කන්නලව් කර ඇතැයිද ඔහු පවසයි. ඔහු මේ බව පැවසූවේ ‘අපරාධ ක්‍රියාකාරකම්, අවිධිමත් සංග්‍රහය (විශේෂ සැලැස්ම)’ පිළිබදව 17 වන දින පාර්ලිමේන්තුවේදී පැවැති විවාදයට සහභාගි වෙමිනි.
එය බරපතල කරුණක් වන බවත් එබැවින්, මෙම කොමිසමේ පරීක්‍ෂණ කටයුතු පිළිබදව අපට විශ්වාසයක් නොමැති බවත් ඔහු පවසයි.

මෙවැනි පසුබිමකදී, මෙම කොමිසම පමණක් නොව, එම කොමිසමට උපදෙස් ලබාදීමට පත්කල ඩෙස්මන් ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් ජාත්‍යන්තර උපදේශන කමිටුව පිළිබදවත් අපට විශ්වාසයක් නොමැති බවත් ඔහු අවධාරණය කරයි.

 

 

අභ්‍යන්තර පරීක්‍ෂණයක් පවත්වන බවට ශ්‍රී ලංකාව පිළිබද ජාත්‍යන්තර විමර්ශන වාර්තාව ප්‍රමාද කරන මෙන් ශ්‍රී ලංකා රජය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන් ලිඛිත ඉල්ලීමක් කර, පොරොන්දු වී ඇති අතර ඒ අනුව ජාත්‍යන්තර ප්‍රජාවේ අධීක්‍ෂණය යටතේ නව ක්‍රමවේදයට අනුව අභ්‍යන්තර පරීක්‍ෂණය පැවැත්විය යුතු බවත් එසේ සිදුකළහොත් ගැටළු විසදා, ර‍ට එක්සත් කර ආරක්‍ෂා කිරීමට හැකි බවත් සුමන්දිරන් මහතා පෙන්වා දෙයි.

එසේ නොකර, නව රජය වැරදි මාර්ගයේ ගමන් කිරීමට උත්සාහ කලහොත්, මහින්ද රාජපක්‍ෂගේ රජයට සිදුවූ දෙය මෙම රජයටත් සිදුවනු ඇති බවත් එම තත්වය ඇතිවනවාට අප අකමැති බවත් ඔහු අවධාරණය කරයි.

TNA has no trust in the commission for the dispersed

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.