Displaced:බොදු බලේට ටිකට් කැපේ

 

imagbbsss

 

 

එළඹෙන මහ මැතිවරණයකදී බොදුබල සේනා සංවිධානය ඒකාබද්ධ කරගනිමින් මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත නොවන බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසයි.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ බොදුබල සේනා සංවිධානයේ ඇතැම් ක්‍රියාකාරකම් හේතුවෙන් පසුගිය ජනාධිපතිවරණයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඡන්ද විශාල ප්‍රමාණයක් අහිමි වු බවයි.

අම්බලන්තොට ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පවසා ඇත.

එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු පිරිසක් ද ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්වීමට බලාපොරොත්තුවෙන් සිටින බව අමරවීර මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂට සහය පළ කරන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම නිසා රාජපක්ෂ පවුලේ ප්‍රධානියෙකුගෙන් බොදු බල සේනා ප්‍රධානියකුට ගුටි කන්නට සිදුවූ බවත් වර්තා වී තිබිණි. මේ හේතුවෙන් තමන්ගේ පැවැත්ම පිළිබඳ බරපතල අර්බූදයකට ලක්ව සිටින එම සංවිධානයේ ප්‍රධානින් කිහිපදෙනෙකු එජාපයේ හෝ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හෝ අනුග්‍රහය බලාපොරොත්තුවෙන් සිටී. මේ වන විටත් එජාපයේ ජේෂ්ඨයකු සමඟ මේ අලුත් දීගය ගැන සාකච්ඡා පවත්වා ඇති බවත් වාර්තාවේ.

 

bodubalasena displaced

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!