Drugs:කුඩු මුදලාලිලා ටිකයි-එත් වැඩ ලොකුයි-රතන හිමි

 

 

 

 

 

වත්මන් රජය මෙතෙක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයට ලක් වී නැතැයි විශ්වාසයෙන් යුතුව දැනුම් දෙන බව ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළේ, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සියලු දෙනා පසුගිය ජනාධිපතිවරණයේදී දිනන බව සිතාගෙන සිටි එක් අපේක්ෂකයෙකු වෙනුවෙන් මුදල් වැය කළ බව ය.

මේ හේතුවෙන් වත්මන් රජයට ඔවුන්ගෙන් බලපෑමක් එල්ල නොවන බව ඔහු පැවසීය.

එහෙත්, එළඹෙන මහ මැතිවරණයේදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අපේක්ෂකයින්ට මුදල් ආධාර සැපයීමේ අවදානමක් පවතින බව ද ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපතිවරයා පෙන්වා දුන්නේ ය.

මෙම මාධ්‍ය හමුවට අතුරලියේ රතන හිමි සහ බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ද එක්ව සිටියහ.

එහිදී, බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සඳහන් කළේ, එක් එක් පුද්ගලයින්ගේ න්‍යාය පත්‍ර අනුව මෙම වැඩපිළිවෙළ සිදු කළ නොහැකි බව ය.

[vsw id=”/hU6WytGNXyc” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

drug lords are few in number but difficult to get them

 

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.