Dual Power-චන්ද්‍රිකා ලඟත් ඇමතිකම්

e32b3e2bc08d0ba2f5729a89d7ec43b1_L (1)

මෛත්‍රිපාල රජයට සහාය නොදෙන සියලු පළාත් පාලන ආයතන කොමසාරිස් පාලනයට යටත් කිරීමට රජය තීරණය කර ඇතැයි ඉඩම් ඇමැති එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන මහතා කන්තලේදී අද (26) ප්‍රකාශ කළේය.

ඔහු එසේ කීවේ පළාත් පාලන හා මහජන නියෝජිත හමුවකදී ය. දිස්ත්‍රික්කයේ පළාත් පාලන නියෝජිතයින් 59 දෙනකුට ඇරයුම් කර තිබුණද පැමිණියේ 17 දෙනකු පමණි.

මැදිරිගිරියේ පළාත් පාලන ආයතන දෙකක සභාපතිවරුන් වෙනස් කළ බවත් ඇමැති කීවේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබන මැතිවරණයේදී බුලත් කොළයෙන් තරඟ කරන බවද ගුණවර්ධන මහතා පැවසීය.

‘‘චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය ළඟ තවත් ඇමැති ධූර 10 ක් තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුදුසු අයට එය ඉදිරියේදී බෙදා දෙනවා. යැයි එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන මහතා පසු බව වාර්තාවේ.

ඇමතිවරු පත් කරන්නේ ජනාධිපතිවරයය. එසේ තිබියදී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය ළඟ ඇති ඇමතිකම් මොනවද යන්න ප්‍රශ්නයකි.

අනෙක් අතට මේ ප්‍රකාශය නොතකා හැරිය හැකි එකක්ද නොවේ. මන්දයත් එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන මහතාද කැබිනට් මණ්ඩල සාමාජිකයෙකි.

chandrika also could appoint ministers-dual power?

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.