Duminda :හිරුනිකා ගේ වැඩක් හරි

 

 

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනකු ඝාතනය කළැයි සැකපිට පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.දුමින්ද සිල්වා ඇතුළු 13 දෙනකුට එරෙහිව චෝදනා 17 ක් යටතේ නීතිපති අද (3) කොළඹ මහාධිකරණයේ නඩු පවරනු ලැබීය.

හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය දීර්ග කාලයක් තිස්සේ සාධාරණ නඩු විභාගයක් සඳහා හඬ නැගුවාය.

භාරතගේ සගයකු වෙඩි තබා මැරීමට තැත් කිරීමේ චෝදනාවක්ද ඒ අතර වේ. භාරත ලක්ෂ්මන්ප්‍රේමචන්ද්‍ර මහතාව 2011 ඔක්තෝබර් 08 වැනිදා සවස කොළොන්නාවේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ 11 වැනි සැකකරු වූයේ දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා ය. අයුතු ජන රාශිය,මිනී මැරීම,මිනී මැරීමට කුමන්ත්‍රණය කිරීම,මිනී මැරීමටඅනුබල දීම ඇතුළු කරුණු 17ක් යටතේ මෙලෙස අධි චෝදනා ගොනුකොට ඇත.

 

දුමින්දට ගෝරිය අමතකයි, දේශපාලනය මතකයි – දුමින්දගේ නීතීඥ

2010 ඔක්තෝම්බර් 08 වන දින ඒවන විට පැවති පළාත්පාලන මැතිවරණය අතරතුරදී‍ කොළොන්නාව ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකදීභාරත ලක්ෂ්මන් මහතා ජීවිතක්ෂයට පත්විය.

ඒ සම්බන්ධයෙන් පැවති නඩුවටඅදාළව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් සාක්ෂි ලබාගැනීම අද (03) දිනයේදසිදුවූ අතර එහිදී දීර්ඝ ලෙස සාක්ෂි ලබාගැනීමෙන් ඉක්බිතිව මහාධිකරණය හමුවේඅධි චෝදනා ගොනු කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි ලැබී ඇති බව මහේස්ත්‍රාත් අධිකරණය විසින් තීරණය කරනු ලදුව නීතිපතිවරයාට දැනුම්දී ඇත.
ඒ අනුව නීතිපතිවරයා විසින් දුමින්ද සිල්වා ඇතුළු 13 දෙනෙකුට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරීමට කටයුතු කර තිබේ.

 

case filed against duminda

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.