Election:ආණ්ඩුවත් පාරට බහින්න සුදානම්

downlokabeer

 

 

යහපාලනය උදෙසා වන යාන්ත‍්‍රණය රට තුළ ශක්තිමත් කරගැනීමට දුන් පොරොන්දු ඉටුකිරීමට නියමිතවේලාවට මැතිවරණයක් පැවැත්වීම වැදගත්ම හා අත්‍යවශ්‍ය පියවරක් වන බවත් එසේ නොවුනහොත් පාරට බැසීමට සූදානම් බව එජාප මහලේකම් කබීර් හෂීම් මහතා පවසයි.ඔහු මේ බව පැවසූවේ අද(04) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

සාමාන්‍යයෙන් පාරට බසින්නේ ආණ්ඩුවට එරෙහිවය එහෙත් මැතිවරණය කල් දා ගැනීම සඳහා නිමල් සිරිපාලද සිල්වා විසින් ගෙනෙන ලද යෝජනාවකිනින් එජාපය කලබල වී සිටී.

විපක්ෂ නායකයා කියා සිටින්නේ ආණ්ඩු ක්‍රමයේ වෙනස්කම් සහ අළුත් මැතිවරණ ක්‍රමය යන දෙකම එකට ක්‍රියාත්මක කල යුතු බවය.

ජාතික ආණ්ඩුව පිළිබඳව හඬ නගන්නේ ඇමතිකම් අවශ්‍ය සන්ධානයේ මන්ත‍්‍රීවරුන් බව එජාප මහලේකම් කබීර් හෂීම් මහතා පැවසුවේය.

 

වර්තමානය වන විට මහින්ද ගේ ඒකාධිපති ආණ්ඩුව ආරක්ෂා කිරීමට සහ දූෂිතයින් වෙනුවෙන් පෙනී සිටි කොටසක් ජාතික ආණ්ඩුවක් පිළිබදව කතා කරන බවත් ඔවුන් එසේ ජාතික ආණ්ඩුවක් පිළිබදව කතා කරන්නෙ පෞද්ගලික න්‍යාය පත‍්‍රයකට අනුව බවත් ඔහු පැවසුවේය. ශි‍්‍රලනිපයට ආදරයක් ඇති බව මවා පාමින් මොවුන් උත්සාහ ගන්නේ තම පෞද්ගලික අපේක්ෂා ආරක්ෂා කර ගැනීමට බව පැවසුවේය.

 

හිටපු සමහර අමාත්‍යවරුන් මේදක්වාත් සිය නිල රථ, නිල නිවෙස් පවා ආපසු භාරදී නොමැති බවත් ඒවායේ ඉදගෙන ජාතික ආණ්ඩුවක් ගැන කතා කිරීම ගැටලුවක් බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. දූෂිතයින්ගේ කොටස නියෝජනය කරන මොවුන්ගේ මොවුන් ඉදිරි මහමැතිවරණය කල් දැමීමට උත්සාහ ගැනීම තුළින් ඔවු්ගේ අපේක්ෂාව වන්නේ යහපාලන වැඩපිළිවෙල කඩාකප්පල් කිරීම බවත් පැවසුවේය.

downloadnimal

මෙවර පැවති ජනාධිපතිවරණයේදී මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයාට ලැබුණු ජනවරම අකුරටම ක‍්‍රියාත්මක කිරීමට නම් එය පාර්ලිමේන්තුව තුළ ද නියෝජනය විය යුතු බවත් යහපාලනය උදෙසා වන යාන්ත‍්‍රණය රට තුළ ශක්තිමත් කරගැනීමට දුන් පොරොන්දු ඉටුකිරීමට නියමිතවේලාවට මැතිවරණයක් පැවැත්වීම වැදගත්ම හා අත්‍යවශ්‍ය පියවරක් බැවින් නියමිත පරිදි මැතිවරණය පවත්වන බව එජාප මහලේකම් කබීර් හෂීම් මහතා පෙන්වා දුන්නේය.

 

දින සියය තුළ පොදුජන අපේක්ෂා ඉටුකිරීම එජාපය බැදී සිටින බවත් එජාපය කිසිවිටෙක ජනතාව අයුතුබලපෑම් නොකලාක් මෙන්ම බලය අයුතු ලෙස පාවිච්චි නොකළ බවත් ජනතා තීන්දුවට හිස නමන බවත් එජාප මහලේකම්වරයා වැඩිදුරටත් පැවසුවේය.

දැන් පවතින තත්වය අන්ව සියල්ල රඳා පවතින්නේ ජනධිපතිවරයා මතය. දින සීය හමාර වෙද්දී පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණය පැවැත්වුවහොත් වාසිය ලැබෙන්නේ

එජපයට සහ ජවිපෙටයි.

අළුත් ඡන්ද ක්‍රමය අනුව මැතිවරණ ය පැවැත්වුවහොත් වාසිය ලැබෙන්නේ ශ්‍රිලනිපයටයි.

unp will take to the streets if parliament is not dissolved at the end of the 100 days

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!