Election:කොන්දක් සහිත පරිපාලන සේවයක් සඳහා

SLAS-Civil-Service-Sri-Lanka

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය මෙරට රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය සහ අපක්ෂපාතීත්වය පිළිබඳව ඉහළ ම සහතිකය ලබන මැතිවරණය බවට පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිතුමා මේ බව පැවසුවේ, අද බත්තරමුල්ලේ පැවති සමුළුවක් අමතමිනි.

ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ වාර්ෂික සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්පැවැත්වින.

අමාත්‍ය කරූ ජයසූරිය, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන්, මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය යන මහත්වරු ද ඊට එක්ව සිටියහ.

එහිදී ඔහු වැඩි දුරටත් පැවසුවේ, පසුගිය ආණ්ඩු සමයේ පාලකයින් රාජ්‍ය සේවකයින්ට අනිසි බලපෑම් කළ බව ය.මෙහිදී  ඇතැම් නිලධාරීන්ට තර්ජනය කල අතර තවත් පිරිසකට අනිසි නියෝග දුන් බවත් තවත් පිරිසකට ආරාධනා කළ බව  ජනධිපතිවරයා කියා සිටියේය.

[vsw id=”/0h8fA-xH5h4″ source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

කොන්ද කෙළින්

මැතිවරණ නිරීක්ෂකයින් දිගින් දිගටම පෙන්වා දුන්නේ අන් කවර දාටවත් වද රජය දේපළ අනිසි ලෙස භාවිතා වූ බවයි.රජයේ නිලධාරින් තමන්ගේ කොන්ද කෙළින් තබාගෙන සිටියේ නම් පෙර පැවති ආණ්ඩුවට මේ තරම් නරක ලෙසින් රාජ්‍ය සේවය භාවීතා කල නොහැකි වනු ඇත.

සිවිල් සේවයට පත්වූ පසු තමන්ගේ කොන්ද කෙළින් තබා ගන්නේ කෙලසදයි දැනගැනීමට ඇති හොඳම තැන ඉන්දියානු සිවිල් සේවයයි.ඉන්දියාවේ ආණ්ඩුව වෙනස් වුවත් සිවිල්

සේවය දේශපාලනයට යටපත් වන්නේ නැත.

බ්‍රිතාන්‍ය සිවිල් සේවය පදනම් කර ගනිමින් 1833 දී ලංකා සිවිල් සේවය (Ceylon Civil Service-CCS) වශයෙන් නම් කරනු ලැබීය. එය 1963 වසරේදී එවකට පැවති ප්‍රාදේශිය ආදායම් පාලන නිලධාරි සේවයද ඇතුළත් වෙමින් ලංකා පරිපාලන සේවය (Ceylon Administrative Service-CAS) ලෙස නම් කරනු ලැබීය. පසුව 1972 දී ශ්‍රී ලංකාව ජනරජයක් වීමෙන් පසු ශ්‍රී ලංකා පරිපාලන සේවය (Sri Lanka Administrative Service-SLAS) ලෙස නම් කරනු ලැබ මෙරට ප්‍රමුඛතම සිවිල් සේවාව වුවත් සෑම ආණ්ඩුවක්යටතේ ම පරිපාලන සේවය දේශපාලනීකරණය වීමත් සමගම එය ක්‍රමයෙන් අතාර්කික වී ඇත.

අමාත්‍යාංශයයේ ගිණුම් නිලධාරියා ලේකම් වරයා වුවත් තීන්දු තීරණ ගන්නේ ඇමතිවරයාය.මේ තත්වය වෙනස් විය යුතුය.එක් අතකින් රාජ්‍ය සේවයේ නිදහස තහවුරු කල යුතුය.අනෙක් අතට තමන්ගේ යකොන්ද කෙලින් තබා ගැනීමට මේ නිලධාරීන් පුරුදු විය යුතුය.එසේ නොකර දේශපාලකයින් පසුපස පන්දම් ඇල්ලීමට යන නිල්ධරෙන්ට තමන්ගේ වගකීම ඉක්මනින් හෝ ප්‍රමාද වී භාර ගැනීමට සිදුවන් බව අවධාරණය කිරීම වැදගත්ය.

 

independence of civil service will be guaranteed before next election

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.