Election:දුමින්ද ගේ සොයුරු රෙනෝ එජාපයෙන් මැතිවරණයට?

 

 

Duminda-Hiru-Raynor

 

 

එළඹෙන මහ මැතිවරණයේදී මාධ්‍ය නාලිකා නියෝජනය කරන ප්‍රබල චරිත කිහිපයක්ම දේශපාලනයට ප්‍රවේශ වීමට සූදානමින් සිටින බව වාර්තා විය.

එජාප දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ, ඒ අනුව හිරු නාලිකාවේ හිමිකරු වන රෙනෝ සිල්වා මහතා ඉදිරි මහ මැතිවරණයෙන් ගම්පහ නියෝජනය කරමින් පාර්ලිමේන්තු ප්‍රවේශ වීමේ සූදානමකින් පසුවන බවය.

මේ අතර දැනට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන, සිරස එෆ්.එම් නාලිකාවේ ප්‍රධානියෙකු වූ  එස්.එම් මරික්කාර් මහතා රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්ව කොළඹින් පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග වැදීමට සූදානමින් සිටි.

සිරස නාලිකා ප්‍රධානි ලෙස කටයුතු කර, එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ගම්පහ නියොජනය කරමින් පළාත් සභා  මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන සුසාර දිනාල් මහතාද මේ වන විට එම පක්ෂයෙන් පාර්ලිමේන්තු පිවිසීමේ සූදානමකින් පසුවෙන බව සඳහන්.

එමෙන්ම සිරස නාලිකාවේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කළ සුසිල් කිඳෙල්පිටිය මහතාද ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් හෝ වෙනත් පක්ෂයකින් ඉදිරි මැතිවරණයෙන් පාර්ලිමේන්තුව සඳහා තරඟ වැදීමට සූදානම් වී ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

විදේශ රටවල විකාශය කෙරෙන චන්ද්‍රිකා තාක්ෂණික නාලිකාවක් වන ශ්‍රී ටී.වී නාලිකා සභාපති වන තුෂාර කුරේරා මහතාටද ප්‍රධාන පක්ෂ දෙකකින් ඉදිරි මැතිවරණය සඳහා ආරාධනා ලැබී ඇති අතර ඔහුද ගම්පහ දිස්ත්‍රීක්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු පිවිසීමේ සූදානමකින් පසුවන බව සඳහන්. මේ අතර විදේශ ගත ශ්‍රී ලාංකික ප්‍රජාව දේශපාලන ප්‍රවේශයකින් ආමන්ත්‍රණය කිරීමටද, ඔහු මේ වන විට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

තවද ස්වර්ණවාහිනී නාලිකාවේ ප්‍රධානියෙකු වන බුද්ධික කුලසේකර මහතාද මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් එජාපයෙන් මහ මැතිවරණයට තරඟ කිරීමට සූදානම් වන බවද එම අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.