Election:නව ක‍්‍රමය යටතේ මැතිවරණ පැවැත්වීම රාජිත ගේ හිතළුවක්

images (87)

ඉදිරි මහ මැතිවරණය, නව මැතිවරණ ක‍්‍රමය යටතේ පැවැත්වීමට තීරණය කර ඇති බව අද (05) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ප‍්‍රකාශ කෙරුණා. එහෙත් රජයේ අමාත්‍යවරුන් කිහිපදෙනෙකුම හිරු ප‍්‍රවෘත්ති අංශයට කියා සිටියේ එවැනි තීරණයක් ඊයේ රැස්වූ අමාත්‍ය මණ්ඩලය නොගත් බවයි. මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කිරීම, සියලූ පක්ෂවල අදහස් විමසීමෙන් අනතුරුව සිදුකිරීමට එහිදී එකඟතාවකට පැමිණි බවයි ඔවුන් ප‍්‍රකාශ කළේ.

රාජිත සේනාරත්න මේ වන විට අවස්ථා කීපයකදීම  කට වරද්දාගෙන ඇත.බලයට පැමිණි වහාම කොටි සංවිධානයේ හිටපුනායක කේ.පී රටින් පලා ගොස් ඇති බව කියා සිටියේය.පසුව කේ.පී කිලිනොච්චියේ සිටින බව හෙළිදරව් විය

ඉන් අනතරුව රාජ්‍ය පොර්ට් සිටි වැඩපිළිවෙල දිගටම කරගෙන යන බව කියා සිටියේය. එහිදී මාධ්‍යවේදියෙක් රාජිත සේනාරත්න ඇමතිවරයා ගෙන් විමසා සිටීයේ මේ වැඩපිළිවෙල නතර කරන් බව අගමැති රනිල් වික්‍රමසිංහ පොරොන්දු වුවා නොවේද යන්නයි.රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ විට ඒ ගැන විමසන ලෙස සේනාරත්න ඇමතිවරයා කියා සිටියේය.පොර්ට් සිටි වැඩපිළිවෙල අත්හිටුවන බව ආණ්ඩුව දැන් කියා සිටී.

ජනාධිපති සිරිසේන මහතා විධායක බලතල අත්හැරියොත් විධායක අගමැති තනතුරකට තරඟ කරන බව රාජිත සේනාරත්න ඇමතිවරයා පැවසූ අතර එවැනි වැඩපිළිවෙලක් නැති බව ජනාධිපති කාර්යලය නිවේදනය කොට සිටියේය.

මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කිරීම සම්බන්ධයෙන්  මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය  කියා සිටියේ මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කළ  හැක්කේ ව්‍යවස්ථා සංශෝධනයකින් බවයි. කඩිනමින් එය සිදුකිරීම අසීරු කටයුත්තක් බවත් ඒ සඳහා කිසියම් කාලයක් අවශ්‍ය බවත් ඔහු සඳහන් කොට ඇත.එසේ තිබියදී රාජිත සේනාරත්න ඇමතිවරයා පවසන  පරිදි ඉදිරි මහ මැතිවරණය, නව මැතිවරණ ක‍්‍රමය යටතේ පවත්වන්නේ කවදාද යන්න ප්‍රශ්නයකි

[vsw id=”/D2bSSfpUCJY” source=”youtube” width=”325″ height=”224″ autoplay=”no”]

rajitha contradicts himself on how elections will be held

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.