Election:පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ නැතිනම් වර්ජනයක්-ජවිපෙ

rally maha

‘වර්තමාන ජනාධිපති මෛත‍්‍රීපාල මහත්තයා ඡන්දෙ කාලේ දුන්නු පොරොන්දු අනුව අපේ‍්‍රල් විසිතුන පාර්ලිමේන්තුව විසුරුවා හැර නව පාර්ලිමේන්තුවක් පත්කර ගත යුතුයි. ඡන්ද පොරොන්දුවක් කඩලා තමයි දැන් ජාතික ආණ්ඩුවක් ගේන්න යන්නේ. නමුත් අපි පැහැදිලිව කියනවා. මේ ජාතික ආණ්ඩු ප්‍රෝඩාවට අපි විරුද්ධයි. අපේ‍්‍රල් 23න් පස්සේ පාර්ලිමේන්තුව විසුරුවන්නේ නැතිනම් අපි ජනතාව සමග පාරට බහිනවා. ඒ වගේම අපි මේ පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරනවා.

මේ පාර්ලිමේන්තුවේ බහුතරයක් පක්ෂ මහින්ද රාජපක්ෂ පලවා හරින්න කටයුතු කළ අය. ඒ නිසා අලූත් ජනවරම නියෝජනය කරන විශාල පිරිසක් ඉන්නවා. මෛත‍්‍රීපාල මහත්තයා විසිතුනෙන් පස්සෙත් පාර්ලිමේන්තුව විසුරුවන්න කි‍්‍රයා කළේ නැත්නම් එදා ඉඳලා පාර්ලිමේන්තුව වර්ජනය කරන්න කියලා අපි විශේෂ ඉල්ලීමක් කරනවා’ යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන මණ්ඩල සභික ලාල්කාන්ත මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ මහරගම පැවති රැලයක් අමතමිනි. ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් පැතිර යන විවිධ මත හේතුවෙන් ජනතාව දැනුවත් කිරීමේ අභිලාෂයෙන් මෙම රැලිය මහරගම දී සංවිධානය කර තිබුනි.

ලාල් කාන්ත මහතා

lalkantha

anura 1
09වෙනිදා පාන්දර තුනට අගවිනිසුරු අරලියගහ මන්දිරයට ගියා. ඇදිරිනීතිය දාන්න සූදානමක් තිබුණා කියලා ගම්මන්පිල කියලා තිබුණා. හමුදා කණ්ඩාංක හතක් කොළඹට කැඳවලා තිබුණා. මේ කුමන්ත‍්‍රණය සාර්ථක වුනා නම් අද අපේ රටේ මිනී කදු ගොඩගැහෙන්න තිබුණා. අපේ රටේ කීර්තිමත් රාජ්‍ය නිලධාරියෙක් ඒකට විරුද්ධ වුණ නිසා ඒ ව්‍යසනය වැළකුණා. ඒ පොලිස්පති ඉලංගකෝන් මහත්තයා නිසා. මේ කුමන්ත‍්‍රණය අසාර්ථක වුන නිසා තමයි මහින්ද කලින් ගියේ. ගිහින් කිව්වා මම ප‍්‍රතිපළ එන්නත් කලින් ගියා කියලා. ඒවා බොරු කතා. මේ ගැන විශේෂ පරීක්ෂණයක් කරන්න ඕනෑ.

මහින්ද ගෙදර ගිහින් නිකන් හිටියේ නැහැ. ඊළාම් කතා කියමින් ජාතිවාදය වපුරන්න උත්සහ කරනවා. මහින්දගේ සෙවන, ඔඩොක්කුව නැතිව ඉන්න බැරි දිනේෂ්, වාසුදේව, ගම්මන්පිල, විමල් හතර දෙනාට තමයි නැවත මහින්ද ඕන වෙලා තියෙන්නේ. මොකද පහුගිය වසර විසිපහක දේශපාලනය තුළ දිනේෂ්, වාසුදේව තමන්ගේ පක්ෂයෙන් ඡුන්දය ඉල්ලලා මන්ත‍්‍රීකමක් අරගෙන නැහැ. ගම්මන්පිලට පක්ෂයක්වත් නැහැ. වීරවංශ ගැන කතා කරලා වැඩක් නැහැ. ඒ අයට තමන්ගේ පක්ෂයක් නැහැ. මහජන බලයක් නැහැ.

දැන් මෛත‍්‍රීපාල ජනාධිපතිතුමාටත් රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයාටත් වගකීමක් තියෙනවා. අපේ රටේ නැවත ජාතවාදයක් ඇතිවීම වළක්වන්න ඕනෑ. කවුරු ඒක කළේ නැතත් ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ ජාතික සමගිය වෙනුවෙන් දිවිහිමියෙන් කැපවෙනවා කියලා අපි ජනතාවට පොරොන්දු වෙනවා.

the jvp will keep away from parliament if it is not dissolved  and elections held after the 100 day program

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!