Election:මැතිවරණ අළුයම ගැන හිටපු හමුදාපති කතා කරයි

Daya-Ratnayake

මහත් අභිමානයෙන් යුතුව හමුදා සේවයෙන් තමන්ට  නික්ම යෑමට හැකිවූ විශ්‍රාම ලත් හමුදාපති දය රත්නායක කියා සිටී.

මේ වන විට වැඩිම පදක්කම් ලැබූ හමුදා නිලධාරියා  වන්නේ දයා රත්නායකයි.

මැතිවරණ රාත්‍රිය ගැන කථා කරමින් ඔහු කියා සිටීයේ පාන්දර දෙකට පමණ තමන් සෙසු හමුදා ප්‍රධානින්  සමග එහි ගිය විට හැගීම් බර පිරිසක් එහි සිටි නමුත් බලය පවතවා ගෙන යෑමේ  සැලැස්මක් නොවූ බව ඔහු කියා සිටියේය. ඇතමුන් හදිසි නීතිය පැනවීම ගැන කථා කල විට අවශ්‍ය නම් නීති උපදෙස් ගන්නයි තමන් කියා සිටි බව දයා රත්නායක  කියා සිටියේය.

කොළඹට ගජබා රෙජිමේන්තුවේ හමුදා ගෙන්වුයේ ඇයි දැයි විමසු විට ඔහු කියා සිටීයේ පොලීසියේ ඉල්ලීම සහ ආරක්ෂක කමිටුවේ ඉල්ලීම මත  මේ හමුදා කොළඹට ගෙන්වූ බවයි.දේශපාලන වාසි ලබා ගැනීම පිණිස ඇතැම් පිරිස් ගජබා රෙජිමේන්තුවට අපවාද නගන බව විශ්‍රාම ලත් හමුදාපතිවරයා කියා සිටියේය.

ආරක්ෂක ලේකම් ගෝඨාභය ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා නගා  සිටුවීම සඳහා විශාල සේවාවක් කල බව ඔහු කියා සිටියේය.පෙර පැවති ආණ්ඩුවට සහයෝගය දුන්නේද යැයි විමසු විට තමන් නිල වශයෙන් රාජකාරි කරමින් සෙබළුන් ඇමතුවා මිස දේශපාලනයේ නොයෙදුන බව කියා සිටියේය.

අවශ්‍ය නම් ඒ කතා වල පටිගත කිරීම් වලට සවන්දිය හැකි බව පෙන්වා දුන්නේය.

ශ්‍රි ලංකාවේ හමුදාව රටට බරක් නොවන බවත් හමුදාව විසින් පුනරුත්ථාපනය කරන ලද කොටි සංවිධාන සාමාජිකයින් එක් අයෙක් හෝ මේ තාක් වැරදි සිදු කොට නැතැයි ජෙනරාල් දය රත්නායක කියා සිටියේය.

හමුදාව දේශපාලනීකරණය කිරීම පිළිබඳව ජෙනරාල් ෆොන්සේකා සිදු කොට ඇති ප්‍රකාශ පිළිබඳව විමසු විට හරියට හිතන්නේ නැති  කෙනෙක් කියන දේ පිළිබඳව කතා කිරීමට කැමති නැති බව  හිටපු හමුදාපති වරයා ප්‍රකාශ කළේය.

 

[vsw id=”/m7XkDkIWB4k” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

 

 

former army commander says that there was no  attempt by former administration to stay in power.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!